Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තය 3-1 කින් දකුණු අප්‍රිකාව පරදවයි

එංගලන්තය 3-1 කින් දකුණු අප්‍රිකාව පරදවයි

editorial - 2020 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග්හිදී පැවැති සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 191 ක ජයක් වාර්තා කළ එංගලන්තය දෙරට අතර පැවැති තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-1 ක් ලෙස ජයගැනීමට අද (27 වැනිදා) සමත් විය.
 

ජයග්‍රහණය සඳහා ලකුණු 466 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 274 ක් පමණි. දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ රාසි පැන්ඩර් ඩසන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 15 ක් සමගින් ලකුණු 98 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.

ඩීන් එල්ගා (24) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඩසන්, ඉන් නොනැවතී නායක ෆෆ් ඩුප්ලෙසි සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. එල්ගාගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර ඩුප්ලෙසිගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය.

පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද දක්ෂ පන්දු යැවීමක නිරත වූ මාක් වුඞ් ලකුණු 54 කට කඩුලු 4 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම අඩ පණ කළ අතර එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ස්ටුවට් බ්‍රෝඞ් සහ බෙන් ස්ටෝක්ස් කඩුලු 2 බැගින් දවාගත්හ. එම කඩුලු 4 ත් සමග මෙම තරගයේදී වුඞ් දවාගත් කඩුලු සංඛ්‍යාව 9 ක් දක්වා ඉහළ ගියේය.


එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 400
(සැක් ක්‍රොව්ලි 66, ඩොමිනික් සිබ්ලි 44, ජෝ ඩෙන්ලි 27, ජෝ රූට් 59, ඔලී පෝප් 56, ජොස් බට්ලර් 20, ක්‍රිස් වොක්ස් 32, මාක් වුඩ් නොදැවී 35, ස්ටුවට් බ්‍රෝඩ් 43, ඇන්රිච් නොට්ජේ 110/5, වර්නන් පිලැන්ඩර් 50/2, ඩේන් පීටර්සන් 86/2)
 
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 183
(ඩීන් එල්ගා 26, පීටර් මැලන් 15, ක්වින්ටින් ඩි’කොක් 76, ඞ්වේන් ප්‍රිටෝරියස් 37, මාක් වුඩ් 46/5, ක්‍රිස් වොක්ස් 38/2, බෙන්ස් ස්ටෝක්ස් 47/2)

එංගලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 248  
(සැක් ක්‍රොව්ලි 24, ඩොමිනික් සිබ්ලි 44, ජෝ රූට් 58, බෙන් ස්ටෝක්ස් 28, සෑම් කරන් 35, මාක් වුඩ් 18, බියුරන් හෙන්ඩි්‍රක්ස් 64/5, ඇන්රිච් නොට්ජේ 61/2, ඞ්වේන් ප්‍රිටෝරියස් 87/2)  

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 274
(ඩීන් එල්ගා 24, පීටර් මැලන් 22, රාසි පැන්ඩර් ඩසන් 98, ෆෆ් ඩුප්ලෙසි 35, ක්වින්ටින් ඩි’කොක් 39, ටෙම්බා බවුමා 27, මාක් වුඩ් 54/4, ස්ටුවට් බ්‍රෝඩ් 26/2, බෙන් ස්ටෝක්ස් 47/2)


 

-036

 


අදහස් (0)

එංගලන්තය 3-1 කින් දකුණු අප්‍රිකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.