Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සීමිත ඕවර තරග සඳහා බලපැවැත්වෙන සුපිරි ඕවරයේ රෙගුලාසී වෙනස් කිරීමට ක්‍රිකට් ප්‍රධානීන් තීරණය කර තිබේ. ඒ අනුව පිළිමළුන් පිටුදැකීමේ තරග වලදී සුපිරි ඕවරයේ ලකුණු සම වුවහොත් හතරේ පහරවල් වැඩිම කණ්ඩායමට ජයග්‍රහණය පිරිනැමීම මින් ඉදිරියට සිදුනොවනු ඇත.
ලෝක කුසලාන අවසන් තරගයේදී නවසීලන්තය පරාජය කරමින් එංගලන්තය ජයගැනීමත් සමගින් මෙම හතරේ පහර ගණන් කිරීමේ නීතිය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ කතා බහට ලක්විය.
ලෝඞ්ස්හී පැවැති අවසන් මහ තරගය පෙර නොවූවිරූ ලෙස නිම කිරීමෙන් පසු එංගලන්තය ප්‍රථම වරට ලෝක කුසලාන දිනා ගත්තේය. සුපිරි ඕවරයේ ලකුණු සමවීමෙන් පසුව වැඩිම හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කිරීම හේතුවෙන් සත්කාරක කණ්ඩායමට ජයග්‍රහණය හිමිවිය.
නව නිතීරීති යටතේ ගෝලීය තරගාවලියක අවසන් පූර්ව වටයේ හෝ අවසන් තරගයේදී කණ්ඩායම් දෙකෙහි ලකුණු සම වුවහොත් එක් කණ්ඩායමක් ජයග්‍රහණය කරන තෙක් සුපිරි ඕවරය නැවත නැවතත් යැවීය යුතුය.
මෙම වෙනස “ප්‍රතිවාදියාට ජයග්‍රහණය කිරීමට වඩා ලකුණු රැස් කිරීමේ මූලික මූලධර්මයට අනුකූලවයි” යැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිවේදනයක සටහන් වේ.
තරගය සඳහා “සිත් ඇදගන්නා සුළු හා ආකර්ෂණිය නිගමනයක්” ලෙස ක්‍රිකට් ප්‍රධානීන් විසින් අනුමත කරන ලද සුපිරි ඕවරය, විස්සයි20 සහ එක්දින අන්තර්ජාතික තරගාවලි සඳහා අදාල වේ. එය මීට පෙර භාවිතා කරන ලද්දේ පිළිමළුන් පිටුදැකීමේ තරග වලදී පමණි. මුලික අදියරේ තරග වලදී සුපිරි ඕවරයේ ලකුණු සමවුවහොත් තරගයේ ලකුණු සමවූ ලෙස සටහන් වන්නේය.
ලබන වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන පිරිමි සහ කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදි මෙම නව නිතී ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.