Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ජොෆ්රා ආචර් ටෙස්ට් දොරටුව අබියස

ජොෆ්රා ආචර් ටෙස්ට් දොරටුව අබියස

editorial - 2019 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලබන සතියේදී ආරම්භ වන දෙවැනි ‘අළු බඳුන’ ටෙස්ට් තරගය සඳහා වන සංචිතයෙන් මොයින් අලි ඉවත් කරමින් ඔහුගේ ස්ථානය සඳහා වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයා වන ජොෆ්රා ආචර් කැඳවා තිබේ. පළමු ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම නේදන් ලයන් හමුවේ දැවී ගිය මොයින් අලී එම ඉනිම දෙකේදීම ලබාගත්තේ ලකුණු 4 ක් පමණි.

නේදන් ලයන් භීතිකාවට මුහුණ දී සිටින අලී, අළු බඳුන තරග වලදී මේ වන විට 10 වතාවක් නේදන් ලයන් හමුවේ දැවී ගොස් තිබේ. එජ්බැස්ටන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 90 ක මුල් ඉනිමේ වාසියක් අත්කරගත් නමුත් එංගලන්ත පිල එම තරගයේදී ලකුණු 251 ක පරාජයකට මුහුණ දුන්නේය.

එංගලන්තයේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩසන් ද පාදයේ ආබාධයකට ලක්ව සිටින බැවින් ලබන බදාදා (14 වැනිදා) ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයේදී ආචර්ට කණ්ඩායමේ 11 දෙනා අතර ඉඩක් ලැබීමේ අවස්ථාව තිබේ. ජොෆ්රා ආචර් පැයට සැතපුම් 90 ක වේගයක් ඉක්මවමින් පන්දු යවන්නෙකි. බාර්බඩෝස්හිදී උපත ලද වේග පන්දු යවන්නා ලෝක කුසලාන අවසන් මහ තරගයේදී තීරණාත්මක සුපිරි ඕවරය යවමින් ලෝක කුසලානය එංගලන්තයට දිනා දීමට මූලිකත්වය ගත් ක්‍රීඩකයාය.

මේ අතර වමතින් දඟ පන්දු යවන්නකු වන ජැක් ලීච්ද එංගලන්ත කණ්ඩායමට කැඳවා තිබේ. සතියකට ඉහතදී පැවැති තරගයකදී එංගලන්ත පිලේ මුරකරු පිතිකරු වශයෙන් පිටියට පිවිසි ජැක් ලීච් අයර්ලන්තයට එරෙහිව ලකුණු 92 ක් ලබාගත්තේය. මොයින් අලී සිය අවසන් ටෙස්ට් ඉනිම 16 දී අර්ධ ශතකයක් ලබා ඇත්තේ එක් වරක් පමණි. එහෙත් සමර්සෙට් පිල නියෝජනය කරන ජැක් ලීච්, ටෙස්ට් තරග 5 කදී කඩුලු 20 ක් දවාගත් පන්දු යවන්නෙකි.

මේ අතර උරහිසේ ආබාධයක් හේතුවෙන් පා දඟ පන්දු යවන ක්‍රීඩක අදිල් රෂීඞ්ට අළු බඳුන තරගාවලියෙන්ම ඉවත් වීමට සිදුව තිබේ.


දෙවැනි ටෙස්ට් තරගය සඳහා එංගලන්ත සංචිතය
රෝරි බර්න්ස්, ජේසන් රෝයි, ජෝ රූට් (නායක), ජෝ ඩෙන්ලි, ජොස් බට්ලර්, ජොනී බෙයාර්ස්ටෝ, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස්, ජොෆ්රා ආචර්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ජැක් ලීච් සහ සෑම් කරන්

..


අදහස් (0)

ජොෆ්රා ආචර් ටෙස්ට් දොරටුව අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.