Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නැගී එන පිල මෙහෙයවීමට චරිත්

නැගී එන පිල මෙහෙයවීමට චරිත්

editorial - 2019 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන නැඟීඑන කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලිය සඳහා නම්කර කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වයට චරිත් අසලංක පත්කර ඇත. තුන්කොන් තරගාවලියෙන් පසුව පැවැත්වෙන නිලනොවන ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලියට නම්කර කරන ලද සංචිතයේ නායකත්වයද අසලංක හිමිවී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකානු නැඟීඑන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාලීය කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලිය මේ මස 29 වැනිදා ආරම්භ වෙයි. සෑම කණ්ඩායමක්ම ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් සමගින් තරග 2 ක් ක්‍රීඩාකළ යුතු අතර මූලික වටයේදී එක් කණ්ඩායමකට තරග 4 ක් හිමිවේ.

මූලික වටයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් තරගය ජූලි මස 10 වැනිදා ග්‍රෝන්ක්ලූෆ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පළමු සිව්දින තරගය ජූලී 18 වැනිදා ආරම්භවන අතර දෙවැනි සිව්දින තරගය ජූලි 25 වැනිදා ආරම්භ වේ.


තුන්කොන් තරගාවලියට නම්කරන ලද ශ්‍රී ලංකා නැඟීඑන සංචිතය
චරිත් අසංලක (නායක), සඳුන් වීරක්කොඩි, පැතුම් නිස්සංක, මිනෝද් භානුක, සම්මු අෂාන්, කමිඳු මෙන්ඩිස්, අෂේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, කළණ පෙරේරා, දිල්ශාන් මදුශංක, ළහිරු මදුශංක, අමිල අපෝන්සු, රමේෂ් මෙන්ඩිස්, සංගීත් කුරේ.

සිව්දින තරග 2 සඳහා නම්කරන ලද ශ්‍රී ලංකා නැඟීඑන සංචිතය
චරිත් අසංලක (නායක), ළහිරු උදාර, හසිත බෝයගොඩ, පැතුම් නිස්සංක, මිනෝද් භානුක, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, කළණ පෙරේරා, මොහොමඞ් ශිරාස්, ජෙහාන් ඩැනියල්, ලසිත් ඇඹුල්දෙණිය, නිශාන් පිරීස්, ප්‍රමෝද් මදුවන්ත, අශේන් බණ්ඩාර.


තරග කාලසටහන
තුන්කොන් තරගාවලිය

ජුනි 29 - ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම සහ ද.අප්‍රිකානු නැඟීඑන කණ්ඩායම අතර ග්‍රෝන්ක්ලූෆ් ඕවල් ක්‍රීඩාංගණයේදී

ජූලි 01 - ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම සහ ද.අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාලීය කණ්ඩායම අතර ග්‍රෝන්ක්ලූෆ් ඕවල් ක්‍රීඩාංගණයේදී

ජූලි 05 - ද.අප්‍රිකානු නැඟීඑන කණ්ඩායම සහ ද.අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාලීය කණ්ඩායම අතර ටක්ස් ඕවල් ක්‍රීඩාංගණයේදී

ජූලි 06 - ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම සහ ද.අප්‍රිකානු නැඟීඑන කණ්ඩායම අතර ටක්ස් ඕවල් ක්‍රීඩාංගණයේදී

ජූලි 09 - ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම සහ ද.අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාලීය කණ්ඩායම අතර ග්‍රෝන්ක්ලූෆ් ඕවල් ක්‍රීඩාංගණයේදී

ජූලි 10 - ද.අප්‍රිකානු නැඟීඑන කණ්ඩායම සහ ද.අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාලීය කණ්ඩායම අතර ග්‍රෝන්ක්ලූෆ් ඕවල් ක්‍රීඩාංගණයේදී

ජූලි 09 - අවසන් මහා තරගය - ටක්ස් ඕවල් ක්‍රීඩාංගණයේදී


සිව්දින තරග 2

ජූලි 18 සිට 21 දක්වා - ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම සහ ද.අප්‍රිකානු නැඟීඑන කණ්ඩායම අතර සෙන්වස් පාර්ක්හිදී

ජූලි 25 සිට 28 දක්වා - ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම සහ ද.අප්‍රිකානු නැඟීඑන කණ්ඩායම අතර ටක්ස් ඕවල් ක්‍රීඩාංගණයේදී

...


අදහස් (0)

නැගී එන පිල මෙහෙයවීමට චරිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.