Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 පාපන්දු ක්‍රීඩාවේ මහා මංගල්‍යයට දින 43 යි

පාපන්දු ක්‍රීඩාවේ මහා මංගල්‍යයට දින 43 යි

Nisanka Sandeepani - 2018 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තනි ක්‍රීඩාවක් සදහා පැවැත්වෙන ලෝකයේ විශාලතම තරගාවලිය වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජුනි 14 වැනිදා සිට ජූලි 15 වැනිදා දක්වා රුසියාවේදී පැවැත්වෙයි.

පාපන්දු ක්‍රීඩාවට දීර්ඝ ඉතිහාසයක් පැවතියද, පළමු අන්තර්ජාතික පාපන්දු තරගය පවත්වනු ලබන්නේ 1872 වර්ෂයේ ස්කොට්ලන්තය හා එංගලන්තය යන කණ්ඩායම් අතරය. 1904 වර්ෂයේ ස්විට්සර්ලන්තයේදී අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ආරම්භ කළ අතර 1906 දී ඔලිම්පික් රාමුවෙන් පිටතට ගොස් ජාතීන් අතර අන්තර් ජාතික පාපන්දු තරගාවලියක් සංවිධානය කිරීම සදහා අන්තර්ජාතික පාපන්දු සම්මේලනය උත්සාහ කළේය. නමුත් අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේදී එය ඔවුන් ගත් ඉක්මන් තීරණයක් බව පෙනේ. 

වර්ෂ 1908 දී එංගලන්තයේ පැවති ඔලිම්පික් තරගාවලියට පාපන්දු ක්‍රීඩාව එක් වූයේ ප්‍රධාන තරග ඉසව්වක් ලෙසිනි. ඉන් අනතුරුව ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන තරග ඉසව්වක් බවට පාපන්දු ක්‍රීඩාව පත් විය. 

1928 මැයි 28 වැනිදා අන්තර් ජාතික පාපන්දු සම්මේලනය මගින් ලෝක ශූරතා තරගාවලියක් ආරම්භ කිරීමට තීරණය කළේය. එම කාල වකවානුව වන විට උරුගුවේ පාපන්දු කණ්ඩායම ලෝකයේ පාපන්දුු ක්‍රීඩාවෙන් නමක් දිනා සිටි හෙයින් අන්තර් ජාතික පාපන්දු සම්මේලනය විසින් 1930 දී මංගල ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය උරුගුවේට භාර දීමට තීරණය කළේය.

මේ වන විට පාපන්දු ලෝක කුසලාන තරගාවලි 20 ක් පවත්වා ඇති අතර, එයට සහභාගී වූ සමස්ථ කණ්ඩායම් සංඛ්‍යාව 77 කි. නමුත් මෙම ලෝක කුසලාන 20 හි  ජයග්‍රහණය බෙදී ගොස් ඇත්තේ කණඩායම් 8 ක් අතර පමණි. එයින්ද පස් වතාවක් පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමට බ්‍රසීල කණ්ඩායම සමත්ව ඇත. 

එහිදී 1958 හා 1962 යන වර්ෂයන්හිදී පිට පිටම ලෝක කුසලානය ජයග්‍රහණය කළ බ්‍රසීල කණ්ඩායම නැවතත් 1970 දී සහ 1994 යන වර්ෂයන් හිදි පාපන්දු ලෝක කුසලානය තමන් සතු කර ගත්තේය. 2002 වසරේ නැවතත් ශූරයන් බවට පත් වූ බ්‍රසීල කණ්ඩායම අවසාන වරට 2014 වර්ෂයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ජර්මනිය හමුවේ පරාජයට පත් විය. 

බ්‍රසීලය ලෝක ශූරතා 5 ක් දිනා ගනිද්දී ඔවුන් හා කරට කර සටන් වදින ජර්මනිය අවසන් වරට පැවති 2014 ලෝක කුසලානයද ජයග්‍රහණය කරමින් ඔවුන්ගේ එය ඔවුන්ගේ සිව්වැනි ලෝක කුසලානය බවට  එය පත් කරගත්තේය. ඉතාලියද ලෝක කුසලාන 4 ක ජය හිමි කර ගනිද්දී, උරුගුවේ කණ්ඩායම හා ආජන්ටිනා කණ්ඩායම අවස්ථා දෙක බැගින් ලෝක කුසලානය දිනා ඇත. ප්‍රංශය, එංගලන්තය හා ස්පාඤ්ඤය යන රටවල් එක්වරක් බැගින් ලෝක කුසලාන දිනා ගෙන තිබේ. 

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් පැවති තරග 836 තුළදී ගෝල 2379 ක් ලබාගෙන ඇත. රටවල් 16ක සත්කාරකත්වයෙන් මෙම ලෝක කුසලාන තරගාවලි 20 පවත්වා ඇති අතර එහිදී පාපන්දු ලෝක කුසලාන වෙනුවෙන් ක්‍රීඩකයන් 7342 කට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබී ඇත. අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ සංඛ්‍යා දත්ත වලට අනුව මෙතෙක් පැවති ලෝක කුසලාන 20 ටම මිලියන 37 කට අධික ප්‍රේක්ෂක ජනතාවක් පැමිණ ඇති බව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ තොරතුරු වලින් අනාවරණය වෙයි. 

ලබන ජුනි මස රුසියාවේදී ආරම්භ වීමට නියමිත පාපන්දු ලෝක කුසලානයට අද සිට තවත් ඇත්තේ හරියටම දින 44 ක පමණ කාලයකි. 


අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ඇසුරෙනි

 


අදහස් (0)

පාපන්දු ක්‍රීඩාවේ මහා මංගල්‍යයට දින 43 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.