Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ශ්‍රී ලංකාව ගෝල 7-0 ජෝර්දානයට කින් පරදි

ශ්‍රී ලංකාව ගෝල 7-0 ජෝර්දානයට කින් පරදි

ශනුක අරවින්ද - 2018 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹදී දැන් පැවැත්වෙන ආසියානු සමුළු වයස 16න් පහළ පාපන්දු (බාලිකා) තරගාවලියේ දෙවන තරගයට මුහුණදුන් ශ්‍රී ලංකාව ජෝර්දානය හමුවේ ගෝල 7-0 ක පරාජයක් ලැබීය.

මෙම තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකාවේ 16 න් පහළ කාන්තා කණ්ඩායම ගුවාම් රාජ්‍ය හමුවේදී ගෝල 4-2 ක පරාජයක් ලැබීය. ශ්‍රී ලංකාව සහභාගී වන තෙවනි තරඟය හෙට (19) පස්වරුවේදී චීනයට එරෙහිව පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය කොළඹ සී.ආර්. පිටියේදී පැවත්වෙන අතර ඊයේ (17) විශේෂිතම සිදුවීම වූයේ චීනය විසින් ගෝල 20-0 කින් ගුවාම් රාජ්‍ය පරාජය කිරීමයි. එය මෙම තරගාවලි ඉතිහාසයේ මෙතෙක් කණ්ඩයමක් ප්‍රතිවාදියකුට එරෙහිව වාර්තා කළ වැඩිම ගෝල් සංඛ්‍යාවද වේ.

චීන ක්‍රීඩිකාවන් වන ෂැවෝ සිතින් ගෝල 6 ක්ද ෆු තාන්ග්කොන්ග් ගෝල පහක්ද රැස් කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකාවට එරෙහිව පෙරේදා පැවති තරගයේදී ජෝර්දාන ක්‍රීඩිකා ඒනාස් ගෝල ත්‍රිත්වයක් ලබාගත්තාය.

තරගාවලිය මේ මස 21 දා දක්වා සී.ආර් පිටියේදී පැවැත්වෙන අතර එදින ශ්‍රී ලංකාව උස්බෙකිස්තානයට එරෙහිව තරගාවලියේ තමන් සහභාගි වන අවසන් තරගයට සහභාගි වීමට නියමිතය.

තරගාවලියේ වැඩිම ප්‍රසාද ලකුණු ලාභී කාණ්ඩායම ආසියානු සමුළු වයස 16න් පහළ බාලිකා තරගාවලියේදී අවසන් වටයට සුදුසුකම් ලබයි.


අදහස් (0)

ශ්‍රී ලංකාව ගෝල 7-0 ජෝර්දානයට කින් පරදි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.