Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner රුසියාවේ වික්‍රමාන්විතය නිමාවෙයි

රුසියාවේ වික්‍රමාන්විතය නිමාවෙයි

Nisanka Sandeepani - 2018 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ලක්ෂ සංඛ්‍යාත රුසියානු වැසියන්ගේ හදවත් වේදනාවෙන් පුරවා දැමූ ක්‍රොඒෂියාව රුසියාව ගෝල 4-3 කින් පරදවා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට එක්වීමට සමත් විය. දඬුවම් පහරින් ජයග්‍රාහකයා තේරීමට සිදුවූ අර්ධ අවසන් පූර්ව තරගයේදී සත්කාරකයන්ගේ වික්‍රමාන්විත ලෝක කුසලාන තරගාවලියේ පරිච්ඡේදය නිමාවට පත්විය. 

තරගයේ නියමිත කාලය නිමාවෙද්දී දෙපිලම ගෝල 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවීම නිසා අතිරේක කාලයක් ද ලබාදී තිබිණි. එසේ ලබාදුන් අතිරේක කාලයේ 101 වැනි මිනිත්තුවේදී ඩොමාගොච් විඩා හිසින් ගැසූ  ගෝලයෙන් 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට ක්‍රොඒෂියාව සමත්විය. එහෙත් ඊට මිනිත්තු හතරකට පසුව හිසින් ගැසූ විස්මිත පහරකින් මාරියෝ ෆර්නැන්ඩෙස් ගෝලයක් වාර්තා කිරීමත් සමග තරගය නැවතත් 2-2 කින් සමවූයේ රුසියාවේ බලාපොරොත්තු ඉහළ දමමිනි. 
එසේ වුවත් ක්‍රීඩකයන් බයාදු තත්ත්වයට පත් කරන දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තේරීමේ මොහොතේදී ෆර්නැන්ඩෙස්ගේ අවස්ථාව අසාර්ථක වූ අතර ඉවාන් රැකිටික් නියම ඉලක්කයට පන්දුව දැල තුළට එල්ල කරමින් ක්‍රොඒෂියාව අවසන් පූර්ව වටයට ගෙන ගියේය. 

බ්‍රසීලයේ උපන් මේ විශිෂ්ඨ ක්‍රීඩකයාගේ ගෝල් පහර නියමිත ඉලක්කයට ගියේ ෆෙඩර් ස්මෝලොව්ගේ පහර මඟ හැරීයාමෙන් පසුවය. මේ පහරවල් දෙකම විස්මිත අයුරින් වළක්වාගැනීමට ක්‍රෝෂියානු ගෝල් රකින ඩැනියෙල් සුබාසික් සමත්විය. ඒ අතරතුර ඩිසගෙයිව් සිය ඉලක්කය සාර්ථක කරගැනීමට සමත්වූවත් දඬුවම් පහර අවස්ථා 3ක් නිමාවෙද්දී ක්‍රොඒෂියාව ගෝල 2-1 කින් පෙරමුණ ගත්තේය. 

බ්‍රොසෝවික් එල්ල කළ ක්‍රොඒෂියාවේ පළමු දඬුවම් පහර සාර්ථක වූ අතර මාටියෝ කොවෝසික්ගේ පහර ඉතා විශිෂ්ට අයුරින් වළක්වාගැනීමට ගෝල් රකින රුසියානු පිලේ නායකයා ඉගෝර් ආකිෆිව් සමත්විය. ජය පරාජය අතර දෝලනය වූ දෙපිලම තම තමන්ගේ අවසන් දඬුවම් පහර දෙක සාර්ථක කරගැනීමෙන් ක්‍රොඒෂියාව අවසන් හතරට සේන්දු විය.

නියමිත කාලයේ 31 වැනි මිනිත්තුවේදි තරගයේ පළමු ගෝලය වාර්තා වූයේ රුසියාවෙනි. ඩෙනිස් චෙරිෂිව් ලැබූ විශිෂ්ට ගෝලය මෙවර තරගාවලියේ ඔහුගේ සිවුවැනි ගෝලය පමණක් නොව මෙතෙක් වාර්තා වූ හොඳම ගෝල අතරින් එකක් බවටද පත්විය. නමුත් ඊට මිනිත්තු අටකට පසුව ඇන්ඩි්‍රජ් ක්‍රෙමරික් හිසින් ගැසූ ගෝලයෙන් තරගය 1-1කින් සමකරගැනීමට ක්‍රොඒෂියාවට හැකිවිය.

ක්‍රොඒෂියාව පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අවසන් පුර්ව වටයට පිවිසියේ වසර 20 කට පසුවය. 1998 තරගාවලියේ  අවසන් පූර්ව වටයේදී ඔවුන් පරාජයට පත්වූයේ අන්තිමේදී කුසලානය අත්පත් කරගත් ප්‍රංශය හමුවේය. ක්‍රොඒෂියාව සහ එංගලන්තය අතර අවසන් පුර්ව තරගය 11 වැනිදා මොස්කව් නුවර ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එංගලන්තය ඊයේ පැවැති අනිත් තරගයෙන් ස්වීඩනය පරාජය කරමින් අවසන් පූර්ව වටයට එක්වූයේ වසර 28කට පසුවය. 

තරගයෙන් පරාජයට පත්වූවත් තම කණ්ඩායමට ලබාදිය යුතු ඉහළම ගෞරවය ලබාදුන් සොචී ෆිෂ්ට් ඔලිම්පික් ක්‍රීඩාංණයට රැස්වූ රුසියානු ක්‍රීඩාලෝලිහු ඔල්වරසන් හඬින් සහ ජයඝෝෂාවෙන් සිය කණ්ඩායම දිරිගැන්වූහ. එය රුසියානු පිලේ කළමනාකරු ස්ටැනිස්ලාව් චෙර්චෙසොව්ගේ නොමඳ සතුටට හේතු විය.

“අපි අපි ගැනම විශ්වාසය තිබ්බා. අපේ වටිනාකම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් වෙන්නේ මහන්සිවෙලා වැඩ කළොත් විතරයි....  අපි ඒ දේ කළා. තරගාවලිය ආරම්භවීමට කළින් අපි ගැන විශ්වාස නොකළ අපිට ආදරය නොකළ මිනිස්සු දැන් අපේ පැත්තට හැරිලා. මුලු රුසියාවම දැන් අපිට ආදරය කරනවා. දැන් ඔවුන් දන්නවා රුසියාවේ ජාතික පාපන්දු කණ්ඩායමේ වටිනාකම ගැන” රුසියානු පිලේ කළමනාකරු ස්ටැනිස්ලාව් චෙර්චෙසොව් කීවේය.

ian-mksjdff

im-jdkd

 

main-rusia

in-rusia-q


- 077


අදහස් (0)

රුසියාවේ වික්‍රමාන්විතය නිමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.