Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner බාර්සිලෝනා පාපන්දු විද්‍යායතනයට යති

බාර්සිලෝනා පාපන්දු විද්‍යායතනයට යති

Nisanka Sandeepani - 2018 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

‘බාසිලෝනාවට පෙරමග’ පාපන්දු තරගාවලිය හා වැඩසටහන යටතේ දිවයිනේ වයස 12න් පහළ බාලක බාලිකාවන් 12000 කගෙන් තෝරා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු මෙම 29 වැනිදා යුරෝපයේ මෙන්ම ස්පාඤ්ඤයේ සුප්‍රකට පාපන්දු ක්‍රීඩා සමාජයක හා විද්‍යායතනය වන ‘බාසිලෝනා’ ක්‍රීඩා සමාජයේ පුහුණු වැඩමුළුවකට සහභාගිවීමට නියමිතය.
 
එදින දිවයිනෙන් පිටත්ව යන ඔවුන් එහිදී සතියක කාලයක් ළමා පාපන්දු ක්‍රියාකාරකම් සඳහා සහභාගි වීමට නියමිතය. ඒ සඳහා අනුග්‍රහය දක්වන්නේ ද මැයි 14 වනිදා ආරම්භ වූ බාසිලෝනාවට පෙරමග වැඩසටහනට දායකත්වය ලබාදුන් නෙස්ලේ ලංකා සමාගමයි.
 
කොළඹ ක්‍රීඩකයෙකු හැරෙන්නට සෙසු ක්‍රීඩකයන් තිදෙනා හා ක්‍රීඩිකාවන් දෙදෙනා පිටපළාත් පාසල්වලින් තේරී සිටීම කැපී පෙනේ. 
 
ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ බාසිලෝනාවට පෙරමග (රෝඞ් ටු බාසිලෝනා) වැඩසටහන යටතේ පැවති තරගාවලියෙන් පසුව නිර්දේශ කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 දෙනෙකු නොබෝදා අනුරාධපුරය සල්ගාදු පිටියේදී පැවති විශේෂ තේරීම් පරීක්‍ෂණයකින් පසුව එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනා බාසිලෝනා සංචාරයට නිර්දේශ කර තිබේ.
 
එම තේරීම් ප්‍රවීණතම පාපන්දු පුහුණුකරුවන් හා උපදේශකවරුන් වන සම්පත් පෙරේරා, සුමිත් වල්පොල, නිමල් විජේසේකර, කේ.එම්. කබීර්, ලලිත් වීරසිංහ හා එන්. දේවනායගම් යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් සිදු කෙරුණි.
 
කින්නියා අල් අක්සා මහ විදුහල විසින් බාසිලෝනාවට පෙරමහ තරගාවලියේ බාලක ශූරතාව හිමිකරගන්නා ලදි. කවිසිගමුව මහ විදුහල එහි බාලිකා ශූරතාව හිමිකර ගත්තේය. 
 
‘බාසිලෝනා’ පුහුණු වැඩමුළුවට තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 
 
එම්.අයි.එම්. සයින් (කොළඹ හමීඞ් අල් හුසෙන්යා විදුහල)
එම්.ඒ.ඒ. ෂාන් (මහනුවර ත්‍රිත්ව විදුහල)
කේ.එම්. කල්හිම් (කින්නියා අලි අන්සා විදුහල)
ඒ. සයිමර් (කිලිනොච්චිය සුල්වාර් මානි ෂෙරිපුඩින් විදුහල)
දුලානි සංදීපනි (පොලොන්නරුව බැඳිවැව මහ විදුහල) 
විදුෂා විනෝද්‍යා (කවිසිගමුව මහ විදුහල)

අදහස් (0)

බාර්සිලෝනා පාපන්දු විද්‍යායතනයට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.