Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner බ්ලූස්ටාර්ස් කුසලාන පෙනෙන මානයේ

බ්ලූස්ටාර්ස් කුසලාන පෙනෙන මානයේ

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුගතදාස ක්‍රීඩාංගණයේදී 13 වැනිදා නිමාවට පත්වීමට නියමිත ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව (2018) හිමිකර ගැනීමේ වැඩි අවස්ථාවක් අද (11) වනවිට කළුතර බ්ලූස්ටාර්ස් කණ්ඩායම තහවුරු කරගෙන තිබුණි.

කෙසේ වුවත් ඒ සඳහා යුද හමුදාව, කොළඹ හා නාවික හමුදා යන ක්‍රීඩා සමාජ ද තවදුරටත් අපේක්‍ෂා අත්හැර නොමැත. තරගාවලිය නිමාවට පත් කරමින් කළුතර බ්ලූස්ටාර්ස් කණ්ඩායම හා යුද හමුදා කණ්ඩායම අතර තරගය 13 වැනිදා රාත්‍රී 8ට පැවැත්වේ. මෙවර තරගාවලියේ ශූරයන්ගේ ඉරණම තීරණය කරන සටනක් බවට පත්ව තිබේ.

 එම තරගය ජය පරායෙන් තොරව අවසන් කිරීමක් මෙවර බ්ලූස්ටාර්ස් කණ්ඩායමට ශූරතාව  දිනා ගැනීමට ප්‍රමාණවත් වේ. කෙසේ වුවත් හෙට රෑ තරගය ප්‍රතිවාදී යුද හමුදා කණ්ඩායම ජය ගතහොත් ඔවුනට ද මෙවර ශූරතාවට හිමිකම් කීමේ අවස්ථාවක් තවදුරටත් හිමිව තිබේ.

 ඒ අතර එදින පස්වරු 4ට නාවික හමුදා කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර සුගතදාස  පිටියේදී තවත් තරගයක් පැවැත්වීමට නියමිතය. මෙකී සිව් කණ්ඩායම අතර ඊයේ වනවිට ප්‍රසාද ලකුණු පරතරය පැවැතියේ උපරිම ලකුණු තුනකි.

බ්ලූස්ටාර්ස් කණ්ඩායම හෙට තරගය ජයගතහොත් ඔවුන් ප්‍රසාද ලකුණු 35ක් ලබා තරගාවලියේ වැඩිම ප්‍රසාද ලකුණු ලැබූ කණ්ඩායම ලෙස මෙම ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගනියි.

 මේ අතර මාතර පාපන්දු පිටියේදී පැවැත්වෙමින් තිබියදී තරගයේ නිමාවට පැමිණ තිබියදී නරඹන්නන්ගේ පිටියට කඩා වැදීම නිසා අත්හිටවූ තරයේ ඉතිරිය අද පස්වරුවේ බැද්දගාන පිටියේදී පැවැත්වුණි.

තරගයේ වට ඉතිරිය විනාඩි තුනකට පමණක් සීමාවූ අතර එහිදී නාවික හමුදා කණ්ඩායමට ප්‍රදානය වුණු රැඳවුම් පහරක් අපතේ යාමෙන් මාතර කණ්ඩායමේ ජයග්‍රහණය එම විනාඩි තුන අවසානයේ තහවුරු විය.

බ්ලූස්ටාර්ස් කණ්ඩායමට මෙවර ශූරතාව දිනාගත හැකිවුවහොත් එය වසර 2003-04 තරගාවලියෙන් පසුව ඔවුන් මෙම ලීග් තරගාවලිය ජයගන්නා පළමු අවස්ථාව වනු ඇත.  

 

තරග ප්‍රතිඵල
● අනුරාධපුරය සොලීඞ් පිල විසින් සෝන්ඩර්ස් පිල පරාජය කරන ලදී (4-1)
● මාතර සිටි පිල හා නාවික හමුදා පිල අතර තරගය පැවැත්වෙමින් තිබිය දී 67 වැනි විනාඩියේ දී අත්හිටුවන ලදී (ඒ වනවිට මාතර සිටි පිල ගෝල 2-1ක් ලෙස පෙරමුණේ පසුවිය)
● කළුතර බ්ලූස්ටාර්ස් පිල විසින් කුරුණෑගල පෙලිකන්ස් පිල පරාජය කරන ලදී (4-0)
● ජාවාලේන් පිල විසින් වෙන්නප්පුව නිව්යංග්ස් පිල පරාජය කරන ලදී (3-2)
● රිනවුන් පිල විසින් ගම්පොල ක්‍රිස්ටල්පැලස් පිල පරජය කරන ලදී (5-1)
● යුද හමුදාපිල විසින් කොළඹ ක්‍රී.ස. පිල පරාජය කරන ලදී (2-1)

 

ඡායාරූපය - වරුණ කරුණාසේකර


අදහස් (0)

බ්ලූස්ටාර්ස් කුසලාන පෙනෙන මානයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.