Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ඉග්නැෂිවිච් පාපන්දු පිටියට සමුදෙයි

ඉග්නැෂිවිච් පාපන්දු පිටියට සමුදෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුසියානු ජාතික පාපන්දු කණ්ඩායමේ වසර 16කට අධික කාලයක් සේවය කිරීමෙන් පසු පාපන්දු පිටියෙන් සමු ගැනීමට රුසියානු මැදපෙළ ක්‍රීඩක සර්ජි ඉග්නැෂිවිච් තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි. ඊයේ (7) ක්‍රෝඒෂියාව සමගින් අර්ධ අවසන් පූර්ය වටයේ පැවැති තරගයෙන් දඬුවම් පහර 4-3 කින් පරාජයට පත් වීමත් සමග ඉග්නැෂිවිච් මෙම තීරණය ගෙන ඇත.

ක්‍රීඩාවට සමුදෙන විට 38 වැනි වියේ පසුවූ ඉග්නැෂිවිච් රුසියාව වෙනුවෙන් වැඩිම තරග සංඛ්‍යාවකට සහභාගී වූ එකම ක්‍රීඩකයාද වේ. ඊයේ ක්‍රෝඒෂියාවට එරෙහිව පැවැති තරගයේදී නියමිත කාලය අවසානයේ කණ්ඩායම් දෙකම ගෝල 1-1 ලබා තීරණාත්මක සංධිස්ථානයක පසුවුවත් නැවතත් 101 වැනි මිනිත්තුවේදී ක්‍රෝඒෂියාව ගෝලයක් ලබා ගැනීමත් සමග තරගය නැවතත් ක්‍රෝඒෂියාව වෙත නතුවිය. එහෙත් ඉන් මිනිත්තු 4කට පසු නැවතත් ගෝලයක් වාර්තා කළ රුසියාව ගෝල 2-2කින් සම කරමින් දඬුවම් පහරින් ජයග්‍රාහකයා තේරීම දක්වා තරගය ඉදිරියට ගෙනයාමට රුසියාව සමත් විය. එහෙත් අවසානයේ දඬුවම් පහර 4-3 කින් ජයගත් ක්‍රෝඒෂියාව අවසන් පූර්වවටයේ ස්ථානය තහවුරු කර ගත්තේය.

“ මේ මගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය වගේම අවසන් තරගය රට වෙනුවෙන් ක්‍රීඩාකරපු. මෙවර ලෝක කුසලානය මාව විශාල ලෙස දිරිමත් කළා. මම මගේ ගමන නැවැත්තුවේ ඉහළ තැනකින් කියලා මට හිතෙනවා. ඒ ගැන මට ලොකු සතුටක් දැනෙනවා. මම අවසානයේ ලෝක කුසලානයකටත් ක්‍රීඩා කරන්න තරම් වාසනාවන්ත වුනා. ඒ වගේම මම අර්ධ අවසන් පූර්ව වටයේත් ක්‍රීඩා කළා. ඒ වගේම පාපන්දු ක්‍රීඩාවේ උසස්ම කණ්ඩායම් සමග ක්‍රීඩා කරන්න අවස්ථාව මට ලැබුණා. ඒ වගේම සාර්ථක පුහුණුකරුවෙකු යටතේ මට ක්‍රීඩා කරන්න ලැබීමට තරම් මම වාසනාවන්ත වුණා.’ යැයි සමාජ ජාලයට වීඩියොවක් නිකුත් කරමින් ඉග්නැෂිවිච් ප්‍රකාශ කර සිටියේය.

මෙවර තරගාවලියේ දීර්ඝ ගමනක් පැමිණි රුසියාව ඊයේ තරගයෙන් පසු ඉවත් වුවද, රුසියානු ජනතාවගේ නොමඳ ආදරය දිනීමට තරම් වාසනවන්ත විය. ප්‍රබලයන් රැසක්ම තරගාවලිය ආරම්භයේදීම මෙවර ලෝක කුසලානයට තිත තබද්දී, ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 70 වන ස්ථානයේ පසුවන රුසියාව මෙතරම් දුරක් පැමිණිමම විශාල ජයග්‍රහණයකි.

“ මම එළඹෙන දෙසැම්බර් මාසයේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන්න අවශ්‍ය බලපත්‍රය ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම කැමතියි මගේ මෙතැනින් එහා ජීවිතය සාර්ථක පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කරන්න යැයි ඉග්නැෂිවිච් අවසන් වරට රුසියානු පාපන්දු රසිකයන්ට බලාපොරොත්තුවක් ලබාදෙමින් ප්‍රකාශ කර සිටියේය.

 

- 024

 


අදහස් (0)

ඉග්නැෂිවිච් පාපන්දු පිටියට සමුදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.