Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner අවසන් පූර්ව වටයට යාමේ අවස්ථාවක්

අවසන් පූර්ව වටයට යාමේ අවස්ථාවක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ අගනුවර වන ඩකාහිදී හෙට ආරම්භ වන 12 වන දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලාන තරගාවලියේ ශූරතාව නියත වශයෙන් ශ්‍රී ලංකාව දිනා ගන්නා බවට තමා අනාවැකි පළ නොකරන බව ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මොහොමඞ් නිශාම් පකීර් අලි මහතා පවසයි.

“අපේ අරමුණ ශූරතාව දිනා ගැනීමයි. නමුත් මම කිසි විටෙක කියන්නේ නැහැ අනිවාර්යයෙන් එම ශූරතාව දිනනවාමයි කියා” පැවසූ පකීර් අලි මහතා “අපේ කණ්ඩායම 100 ්‍ර ක් සිටින්නේ තරගාවලිය දිනා ගැනීමේ හොඳ මානසිකත්වයකින්” යැයිද පැවසීය.

මොහොමඞ් නිශාම් පකීර් අලි යනු 70 දශකයේ මැද භාගයේ සිට 90 දශකය දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ප්‍රවීණ පාපන්දු ක්‍රීඩකයෙකි.

ක්‍රීඩකයකු ලෙස හා පාපන්දු පුහුණුකරුවෙකු ලෙස දකුණු ආසියාවේ නමක් දිනා සිටින පකීර් අලි මහතා ශ්‍රී ලංකාව හැර බංගලාදේශය, මාලදිවයින සහ ඉන්දියාව වැනි රටවල ද ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ පාපන්දු කණ්ඩායම් පුහුණු කරුවෙකු ලෙස කටයුතු කර ඇත. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඉල්ලීමකට අනුව වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා ජාතික පාපන්දු ප්‍රධාන පුහුණුකරු ධූරය භාරගත් හෙතෙම, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ‘ඒ’ ශ්‍රේණියේ බලපත් පුහුණු සහතික ලාභියෙක්ද වෙයි.

පකීර් අලි මහතා ඉතුත් ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා ජාතික පාපන්දු පුහුණුකරු ධූරයේ කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ පාපන්දු බලධාරීන් ඔහුට දී ඇති පළමු අභියෝගය වන්නේ දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලාන තරගාවලිය ජයගැනීම වන අතර, එම තරගාවලිය හෙට (4 වැනිදා) සිට මෙම 16 දා දක්වා පැවැත්වේ.

දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලාන තරගාවලිය මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ යොවුන් ක්‍රීඩකයන් බහුතරයක් සිටින සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සුළුතරයක් සිටින දක්ෂ, සමබර කණ්ඩායමක් බවත්, කණ්ඩායම මුහුණ දෙන සෑම තරගයකදීම ප්‍රතිවාදීන්ට හොඳ තරගයක් දීමේ හැකියාව ඔවුන් සතුව තිබෙන බවත් පුහුණුකරු පකීර් අලි මහතා පවසයි.

දකුණු ආසියානු පාපන්දු කරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටයේදී ඉන්දියාව සහ මාලදිවයින සමඟ ‘බී’ කාණ්ඩයෙන් තරගවැදීමට නියමිතය.

“ඉන්දියාව, බංගලාදේශය සහ මාලදිවයින යන රටවල පාපන්දු පුහුණුකරුවෙකු ලෙස මා සේවය කර ඇති නිසා මට ඔවුන්ගේ ක්‍රීඩා විලාසය ගැන හොඳ අවබෝධයක් තිබෙනවා.  ඉන්දීය පාපන්දු කණ්ඩායම ශක්තිමත් කණ්ඩායමක්. නමුත් මාලදිවයින් කණ්ඩායමේ ආරක්ෂක පෙළ දුර්වලයි. ඒ වගේම එම කණ්ඩායමට ප්‍රහාරකයින් අඩුයි.”

“මම ප්‍රතිවාදීන්ගේ දුර්වලතා හොඳින් තේරුම්ගෙන සිටින නිසා කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමක් හෝ මූලික වටයේ පරාජය කර අවසන් පූර්ව වටයට යාමේ අවස්ථාව ශ්‍රී ලංකාවට තිබෙනවා. ඒ වගේම තරග දිනන්නට වඩා තරග ජය පැරදුමෙන් තොරව අවසන් කර ප්‍රසාද ලකුණු රැස් කරමින් ඉදිරි යට යාමේ ක්‍රමවේදයක් ගැන අපි අවධානය යොමු කර තිබෙනවා” යැයි ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම බංග්ලාදේශයට යාමට පෙර ජපානයේ සහ කොරියාවේ පුහුණු තරග කීපයකට ද සහභාගී වූ අතර ඊට පෙර ශ්‍රී ලංකාවේදී ද ලිතුවේනියාව සමඟ ද පුහුණු තරගයකට සහභාගී විය. එම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට (ගෝල 0-0)   ශ්‍රී ලංකාව සමත් විය.

“ජපාන සහ කොරියානු සංචාරයේදී පෙර නොවූ විරූ පීඩනයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණා” යැයි පවසන පුහුණුකරු පකීර් අලි මහතා ඉන් සෑම ක්‍රීඩකයෙකුටම හොඳ තරග අද්දැකීමක් හිමි වූයේ යැයිද පැවසීය.  

 


අදහස් (0)

අවසන් පූර්ව වටයට යාමේ අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.