Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශී‍්‍ර ලංකා කී‍්‍රඩාවේ සදාචාරයක් නෑ - හේමසිරි

ශී‍්‍ර ලංකා කී‍්‍රඩාවේ සදාචාරයක් නෑ - හේමසිරි

ශනුක අරවින්ද - 2016 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රීඩාවේ සදාචාරයක් නොමැති බවත් තමන් අවුරුදු 22 ක් ක‍්‍රීඩාවේ සිටි බවත් එවැනි සදාචාරයක් දැක නොමැති බවත් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා අද (01) පැවැසීය.

ක‍්‍රීඩා අමාත්‍යංශයේදී අද පස්වරුවේ නව ක‍්‍රීඩා සංශෝධන පිළිබදව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට ඔලිම්පික් කමිටු සභාපතිවරයා මෙසේ පිළිතුරු සැපයීය.

රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට පුහුණුකරුවකු නොවන පුද්ගලයකු පුහුණුකරුවකු ලෙස සහභාගි වීම පිළිබදව නැගූ ප‍්‍රශ්නයට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

‘‘ඇමතිතුමා ඇහුවාම මම කිව්වා ඒකෙ වගකීම සම්පූර්ණයෙන්ම මම බාර ගන්නවා කියලා. මම ඒක කරන්න කිව්වේ මැක්ස්වෙල් ද සිල්වා නෙමෙයි කියලා. මේ මනුස්සයා කරදර කරන කොට කරදර කරනකෙට මම කිව්වා ඉතිරි වෙලා තියෙන එකක් දෙන්නන් කියලා’’

‘‘ඒක තමයි ඇත්ත. වැරැද්දක් කළා නම් වැරැද්ද පිළිගන්න  ඕනේ. මම හැමදාම වැරැුද්ද පිළිඅරගෙන තියෙනවා’’

රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ පිරිස පිළිබදව කළ විමසුමට මෙසේ අදහස් දැක්වීය.

‘‘මට දැන් ඒක මතකෙන් කියන්න බෑ. මේ පසුගිය ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ නෙමෙයි. මම ආවාට පස්සෙ පැවතුණ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල පහකදිම ජාතික ඔලිම්පික් කමිටුවට මිනිසුන් ගෙනියන්න අනිවාර්යෙන්ම අවස්ථාව ලැබී තිබෙනවා’’

‘‘රජයේ අරමුදල් භාවිතා කරලා සහභාගි වුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විතරක් නොවෙයි. ඒ ගාණටම අපි නිලධාරීන් යවනවා. ඒ අයට වඩා ගිහින් තියෙනන්නේ ඇමතිතුමයි, ලේකම් තුමයි, අධ්‍යක්‍ෂ ජනරාල්තුමයි ඒ වගේ කට්ටියක්. නමුත් ඔලිම්පික් කමිටුවේ මම යන්නේ නිලධාරීන්නේ ඒක අමාත්‍යංශයට අදාල නෑ’’

ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා ඔලිම්පික් කණ්ඩායම් ප‍්‍රධානියා ලෙස පත්කිරීම සහ ඔහු රාජකාරි නොකළ බවට එල්ල වූ චෝදනාවට ඔහු මෙසේ පිළිතුරු සැපයීය.

‘‘ඒක පිළිබදව පැහැදිළි උපදෙස් මොනම තැනකවත් නෑ. ව්‍යවස්ථාවෙත් නෑ, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙත් නෑ’’

‘‘සදාචාරය මේ ක‍්‍රීඩාවේ තියෙනවාද? මම ඒක දන්නේ නෑ. මම අවුරුදු 22 ක් ඉදලා තියෙනවා මම නම් තමුන් කියන සාදාචාරය දැකලා නෑ’’

‘‘කවුරු ගියත්  ඕක කරනවා. යටතේ ඉන්න කෙනෙක්ට මේ වැඩ ටික කරනවා කියලා එයා ඉන්නවා අතන. මේක මමත් කරනවා. මමත් කරලා තියෙනවා’’

ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සහභාගි රැුස්වී තිබෙනවාද යන ප‍්‍රශ්නයට මෙසේ පිළිතුරු සැපයීය.

‘‘විධායක කමිටුවක් කැදවලා නෑ. නමුත් 2013 එකඟ වෙච්ච පරිදි ඒ හිටපු නිලධාරීන්ගෙන් ඉතුරු වෙච්චි නිලධාරීන් හැම සතියකම හම්බු වෙනවා. දැනට සංගම්වල නැති අයගේ ඉබේටම තනතුර අහෝසි වෙනවා. හැම අඟහරුවාදාම අපි හම්බු වෙනවා’’

මෙහිදී ඔලිම්පික් කමිටුව හිතවත්කම මත අනුග‍්‍රහයන් ලබා දෙන බවට කළ විමසීමට හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසුවේ මෙසේය.

‘‘හිතවත් වෙන්න අපිත් එක්ක එකොට ඔයාටත් ලැබෙයි’’   

ක‍්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ මෙම මාධ්‍ය හමුවට ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාට සහභාගි වන ලෙස දැනුම් දුන්න ද සහභාගි නොවීම පිළිබදව තමන් කණගාටු වන බවයි.

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා කී‍්‍රඩාවේ සදාචාරයක් නෑ - හේමසිරි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.