Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශාන්ත ජෝෂප් - රාජකීය අවසන් සටන අනිද්දා

ශාන්ත ජෝෂප් - රාජකීය අවසන් සටන අනිද්දා

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රිනවුන් සභාපති කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අන්තර් පාසල් වයස 19 න් පහළ I කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර මේ මස 13 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහිදී සචින්තක පෙරේරා විසින් ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර කවීෂ ශිෂාන් රාජකීය විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.

අර්ධ අවසන් පූර්ව වටයේදී ගෝල 4-2 ක් ලෙස කින්නියාහි අල් අක්සා විදුහල පරාජය කළ ශාන්ත ජෝෂප් විදුහල, අවසන් පූර්ව වටයේදී ගෝල 4-0 ක් ලෙස කින්නියා මැදි විදුහල පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

අර්ධ අවසන් පූර්ව වටයේදී යාපනය ශාන්ත පැට්‍රික් විදුහලත්, අවසන් පූර්ව වටයේදී කොළඹ සහිරා විදුහලත් පරාජය කරමින් රාජකීය විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. එම තරග දෙකම ගෝල 1-1 ක් ලෙස සමව නිමාවට පත්වූ අතර එහිදී දඬුවම් පහර මගින් රාජකීය විදුහල ජය වාර්තා කළේය.

දිවයිනේ ප්‍රධාන පෙලේ ක්‍රීඩා සමාජයක් වන රිනවුන් ක්‍රීඩා සමාජය සමග එක්ව ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය තෙවැනි වරටත් මෙම තරගාවලිය සංවිධානය කරන අතර එහි අවසන් මහ තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගි වීමට නියමිතය.


ශාන්ත ජෝෂප් සංචිතය
සචින්තක පෙරේරා (නායක), කවින්ද්‍ය රූපසිංහ (උප නායක), ජේ.ඒ. ජයසිංහ, ෂෙනාල් සන්දේෂ්, කේ.එච්. රොනී ජෝයි, ජොනතන් තෝමස්, පී.අයි.එස්. ප්‍රනාන්දු, ආර්.ඊ. ප්‍රනාන්දු, ඒ.එස්. සිල්වා, ෂෙනාල් සූරියගේ, ඩී. ක්‍රාමර්, අයි.පී. රෂ්මින්ද, පි.පී. ගිම්හාන්, එන්. ලක්ෂිතන්, අනාස් හුසේන්, ඕ.ටී. ජයවර්ධන, කේ.ඒ. පෙරේරා, එම්. ඩෙන්වර්, සී.ජේ.ඊ. පීටර්ස් සහ රෝහන් ප්‍රනාන්දු

රාජකීය විදුහල් සංචිතය
කවීෂ ශිෂාන් (නායක), මොහොමඞ් අමාර් (උප නායක), චෙනුර ඩයස්, මොහොමඞ් වසීම්, මලිත් විදානගේ, මයිකල් ගුණරත්න, උමාර් ඉස්මත්, මොහොමඞ් හම්දි, මොහොමඞ් නෆීස්, මොහොමඞ් සාජිඞ්, මවිත් කවිෂ්ක, බාෂිත් අමීන්, ඉනාම් උල් ඉස්ලාම්, ශම්රි ෆයිසර් සහ මොහොමඞ් මිෂ්රාෆ් (කඩුලු රකින්නා)

-036

 

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් - රාජකීය අවසන් සටන අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.