Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක් චීනයට යති

ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක් චීනයට යති

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු විශ්වවිද්‍යාල ක්‍රීඩා සම්මේලනය මගින් වාර්ෂිකව පවත්වනු ලබන රැස්වීමට සහභාගීවීම සඳහා රුවන් වෙල්ලස්ස මහතා සහ ලක්ෂ්මන් විජේසූරිය යන මහත්වරු ලබන සෙනසුරාදා (19 වැනිදා) චීනය බලා පිටත්ව යති.  

රුවන් වෙල්ලස්ස මහතා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා මෙන්ම වයඹ විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාද වෙයි. ලක්ෂ්මන් විජේසූරිය මහතා විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ උප සභපතිවරයකු මෙන්ම මොරටුව විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන උපදේශකවරයාද වෙයි.

ආසියානු විශ්වවිද්‍යාල ක්‍රීඩා සම්මේලන රැස්වීම මේ මස 20 වැනිදා සිට 23 වැනිදා දක්වා  චීනයේ ෂිමෙන් නුවරදී පැවැත්වේ.

රුවන් වෙල්ලස්ස මහතා

ලක්ෂ්මන් විජේසූරිය මහතා

 


අදහස් (0)

ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක් චීනයට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.