Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකාවට තවත් අසීරු අභියෝගයක්

ශ්‍රී ලංකාවට තවත් අසීරු අභියෝගයක්

නාමල් පතිරගේ - 2019 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දින පහකට ඉහතදී දකුණු කොරියානුවන් හමුවේ අහිමිරි පරාජයක් වැලඳගත් ශ්‍රී ලංකාව 2022 ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලැබීමේ ආසියානු කලාප දෙවැනි වටයේ තවත් තරගයකට අද (15) කොළඹ දී මුහුණ දෙයි. දෙරට අතර එම ජාත්‍යන්තර පාපන්දු තරගය අද රාත්‍රී 7.30 ට කොළඹ තුරඟ තරග පිටියේදී ආරම්භ වේ.

ගෝල 3-0 ක නිතරග ජයක් හේතුවෙන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු කලාප දෙවැනි වටයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ට කිසිසේත් නොගැලපෙන කණ්ඩායම් මුණගැසීම තුළින් දැඩි පීඩනයකට පත්ව සිටී. ශ්‍රී ලංකාවට අද තරගයේදී මුණගැසෙන්නේ ආසියාවේ ප්‍රබලතම පාපන්දු කණ්ඩායමකි.

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සංචාරක ලෙබනන් පාපන්දු කණ්ඩායම මේ වනවිට 94 තරම් ඉහළ ස්ථානයක පසුවීමට සමත්ව සිටින නමුත් ශ්‍රී ලංකාව පසුවන්නේ එම ලෝක ශ්‍රේණිගත ලේඛනයේ ඉතා පහළම ස්ථානයක් වන 202 වැනි ස්ථානයේය. ලෙබනනය ලෝක කුසලාන ආසියානු කලාප දෙවැනි වටයේ මෙතෙක් මුහුණ දුන් තරග දෙකෙන් තුර්ක්මෙනිස්තානයට එරෙහිව පැවති තරගය ගෝල 2-1 ක් ලෙස ජය ලබා මෙම තරගයට ප්‍රවේශ වන්නේ ජයග්‍රාහී මානසිකත්වයකිනි.

එසේ වුවත් ශ්‍රී ලංකාව දෙවැනි වටයේදී මේ දක්වා මුහුණ දුන් තරග තුනෙන්ම පරාජයට පත්ව තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා (10) කොරියානුවන් හමුවේ ලද පරාජය ගෝල 8-0 තරම් දරුණු තත්ත්වයක් ගත්තේය.

හසන් මාවුන්ගේ නායකත්වයෙන් යුත් ලෙබනන් පාපන්දු කණ්ඩායමේ හිලාල් අල් හෙල්වේ හා කදිර් මටාර් බ්‍රහස්පතින්දා (10) බේරූට් නුවර දී පැවති තුර්ක්මෙනිස්තානයට එරෙහිව පැවැති තරගයේදී ගෝල රැස්කර ගත් ඔවුන්ගේ ප්‍රබලතම ක්‍රීඩකයන් අතර ප්‍රමුඛයෝ වෙති. කෙසේ වුවත් වසර 2001 ලෝක කුසලාන සුදුසුකම් සපිරීමේ තරගයකදී ලෙබනනය විසින් ශ්‍රී ලංකාව ගෝල 4-0 කින් පරාජය කරන ලදී.

ලෙබනනය හමුවේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරග බිමේ කීර්තියක් ඉසිලූ අවස්ථාවක් වාර්තා වන්නේ ඉන් වසර අටකට පසුව 2009 පැවති නේරු කුසලාන තරගාවලියේදීය. එවර ශ්‍රී ලංකාව ගෝල 4-3 කින් ලෙබනනය පරාජය කර ඇත්තේ තරගාවලියේ ඔවුන් ජය ගත් එකම තරගය ද බවට පත් කර ගනිමිනි.ශ්‍රී ලංකාවට එම ජයග්‍රාහී අවස්ථාව හිමිවුයේ මොහොමඞ් ඉසදීන් ගෝල ත්‍රිත්වයක් ලබා ගනිමින් එම තරගයේ වීරයා ද වෙමින් තැබූ වාර්තාවයි.

පාපන්දු නිවසේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම් පුහුණුකරු රූමි අලි පකීර් මහතා පැවසුවේ, ශ්‍රී ලංකාව කොරියාවට ගෝල 8-0 කින් පරාජය වුවත් අද ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රගතියක් දක්නට ලැබෙන බවයි. මෙම තරග වටයේදීම උතුරු කොරියාව සමග  පැවති තගරයේදී ශ්‍රී ලංකාවේ පරාජය ගෝල 1-0 ක් තරම් අවම කර ගැනීමට සමත්වීම තුළ මග වඩාත් පැහැදිලි වන බවත් එහිදී පැවසූ පකිර් අලි මහතා එම ප්‍රගතිය තුළ ශ්‍රී ලංකාවට එළඹෙන සාෆ් ක්‍රීඩා උළෙලේ දී පාපන්දු පදක්කමක් දිනාගැනීමේ විශ්වාසයක් තහවුරු වී තිබෙන බවත් පැවසීය.

සංචාරක ලෙබනන් පාපන්දු කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු කලක් රුමේනියානු ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා කළ ලිමියු කියෝබොටාරියු මහතායි. ඔහු මේ  වන විට එහි කළමනාකරු ලෙසත් කටයුතු කරයි.

ලෝක කුසලාන ආසියානු කලාප දෙවනි වටයේ මීළඟ තරගයට ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ ලබන නොවැම්බර් 19 වැනිදා තුර්ක්ටෙනිස්ථානයට එරෙහිවය ඒ එරටදීය.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට තවත් අසීරු අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.