Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකාව අද මලයාසියාව හමුවෙයි

ශ්‍රී ලංකාව අද මලයාසියාව හමුවෙයි

නාමල් පතිරගේ - 2019 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අද (5) ක්වාලාලම්පූර් නුවරදී මලයාසියාව සමග සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයකට සහභාගිවීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7.45ට පැවැත්වේ. ඒ සඳහා සහභාගිවන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පෙරේදා (03) දිවයිනෙන් පිටත්ව ගියේය.

ශ්‍රී ලංකාව සහ මලයාසියාව ජාත්‍යන්තර පාපන්දු තරගයකදී මුණගැසෙන්නේ වසර 2018 න් පසුවය. මේ වනවිට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හමුවේ ශ්‍රී ලංකාව 202 වැනි ස්ථානයේ පසුවන අතර මලයාසියාව පසුවන්නේ 158 වැනි ස්ථානයේය.

අද ශ්‍රී ලංකාවට මුණගැසෙන මලයාසියාව අවසන් වරට වසර 2018 මුණගැසුණු තරගයකදී ශ්‍රී ලංකාව ගෝල 4-1 කින් ඔවුන්ට පරාජය වී තිබේ. එයත් සුහද ජාත්‍යන්තර තරගයකි.

ශ්‍රී ලංකා කණ්ඩායමක් මලයාසියාවට එරෙහිව අවසන් වරට පාපන්දු තරග ජයක් වාර්තා කර ඇත්තේ වසර 2007 දීය. බංග්ලාදේශයේ චිතගොං හිදී පැවැති සුහද පාපන්දු තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල 2-1ක ජයක් වාර්තා කර තිබේ.

වසර 2022 දී කටාර් රාජ්‍යෙය්දී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ ආසියානු කලාප දෙවැනි වටයේ තරගයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු කොරියාව අතර තරගය ලබන බ්‍රහස්පතින්දා ‘හැවෑසේඕන්’ නුවරදී පැවැත්වේ.

කවිඳු ඉෂාන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කරමින් කොරියාවට එරෙහිව ලෝක කුසලාන සුදුසුකම් සපිරීමේ තරගයට සහභාගි වෙයි. ආබාධ තත්ත්වයෙන් පසුවන නවීන් ජූඞ් හා මොහමඞ් නසීර් වෙනුවට මෙම තරග සංචාරයට කොළඹ නිව්ස්ටාර් ක්‍රීඩා සමාජයේ මොහොමඞ් මුස්ටාක් හා නාවික හමුදා ක්‍රීඩක මොහොමඞ් සපීර් කැඳවා තිබේ.

කටාර් ලෝක කුසලාන (2022) තරගාවලියේ දෙවැනි වටයට පිවිසි ශ්‍රී ලංකාව අවසන් වරට කොළඹදී උතුරු කොරියාව සමග පැවැති තරගයක දී ගෝල 1-0 කට පරාජය විය.

ලෝක කුසලාන තරගාවලි ගණනාවක දී අවසන් කණ්ඩායම් 32 අතරට ප්‍රවේශවීමට සමත්වූ දකුණු කොරියාව ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුවද දැනට අංක තුනේ පසුවේ. ඔවුන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 37 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටින කණ්ඩායමකි.

ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ දෙවැනි වටයේ තරගයක් ශ්‍රී ලංකාව හා ලෙබනනය අතර මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිතය. එම තරගය කොළඹ රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.


අදහස් (0)

ශ්‍රී ලංකාව අද මලයාසියාව හමුවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.