Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකා කාන්තා පාපන්දු පිල බහරේනයට

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු පිල බහරේනයට

ශනුක අරවින්ද - 2018 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බහරේන් කාන්තා පාපන්දු කණ්ඩයම සමග සුහද පාපන්දු තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩයම හෙට (14 වැනිදා) බහරේනය බලා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. 

දෙරට අතර පළමු තරගය මේ මස 17 වැනිදා පැවැත්වෙන අතර දෙවැන්න 20 වැනිදාද, තෙවැන්න 23 වැනිදාද පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කුමුදුමාලා ලියනගේ කටයුතු කරන අතර ලක්ෂිකා රුෂානි එහි උප නායකත්වය දරන්නීය.

ලබන වසරේ (2019) මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු පාපන්දු තරගාවලිය සහ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පෙර පුහුණුවක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන මෙම තරග සංචාරය සූදානම් කර තිබේ.

2016 වසරේ පැවැති දකුණු ආසියානු තරගාවලියට සහභාගි වීමෙන් පසුව ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායමක් විදෙස් සංචාරයක නිරත වන පළමු අවස්ථාව ලෙසද මෙය හැඳින්විය හැකිය. තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම එහි ප්‍රධාන පුහුණුකරු තිලක් අපොන්සු මහතා යටතේ මාස එකහමාරක පමණ කලයක් බැද්දගාන ජාතික ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් වල නිරත විය.

     
-036


අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු පිල බහරේනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.