Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලීග (සංගම්) 63කින් කණ්ඩායම් 827ක් සහභාගි වන අන්තර් සමාජ වැන්ටේජ් - එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලිය ලබන අගෝස්තු මාසය අවසන් වනවිට පවත්වා අවසන් කෙරේ. වසරේ පැවැත්වෙන ප්‍රධානතම පිළිමළුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලිය මෙවරත් අදියර තුනකින් පැවැත්වේ. ඒ මූලික, දිස්ත්‍රික් හා ජාතික (අවසන්) තරග වටය පරිදිය.
ශූරයන්ට රුපියල් 750,000ක් හා අනුශූරයන්ට රුපියල් 500,000ක් මෙවරත් ත්‍යාග ලෙස ප්‍රදානය කෙරේ. එබෝනි හෝල්ඩින්ග් පෞද්ගලික (වැන්ටේජ් නිෂ්පාදන) සමාගම මෙවර දෙවැනි වතාවටත් තරගාවලියට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි.
මූලික වටය ලීග් අභ්‍යන්තර තරග මාලාවක් ලෙස පැවැත්වේ. දිස්ත්‍රික් තරග වටය ලෙස එහිදී පැවැත්වෙන දෙවැනි අදියර සඳහා කණ්ඩායම් 64ක් තෝරා ගැනේ. අනතුරුව පැවැත්වෙන ජාතික (අවසන්) වටය සඳහා දෙවැනි අදියරේ ජයග්‍රාහකයන් වූ කණ්ඩායම් 32ක් හා පසුගිය තරගාවලියේ අවසන් වටයට ප්‍රවේශ වූ කණ්ඩායම් 32ක් තරග වදියි.
පසුගිය වසරේ අවසන් වටයට ප්‍රවේශ වූ කණ්ඩායම් 32ක් එහිදී කෙළින්ම මෙවර තරගාවලියේ අවසන් වටයට පිවිසීමට සුදුසුකම් ලබයි. ඒ අනුව පසුගිය වසරේදී ශූරතාව හා අනුශූරතාව පිළිවෙළින් හිමිකර ගත් යුද හමුදා කණ්ඩායම හා සෝන්ඩර්ස් කණ්ඩායම ඇතුළු අවසන් වටයට තේරුණු කණ්ඩායම් 32ක් එලෙස මෙවර තරගාවලියේ අවසන් වටයට කෙළින්ම සුදුසුකම් ලබයි.
ඒ අනුව මෙවර තරගාවලියේ මූලික වටය පෙරේදා (30) සිට ආරම්භ විය. ලීග 65කින් කණ්ඩායම් 716ක් ගියවර තරගාවලියට ලියාපදිංචි වී සිටි බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.
එංගලන්තයේ සුප්‍රකට එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකාවේ 1949 දී ආරම්භ වූ එෆ්.ඒ. කුසලාන තරගාවලිය ජයගැනීමේ වඩාත් කීර්තිමත්ම ඉතිහාසයක් හිමිව ඇත්තේ පසුගිය වසරේදී සිය ශත සංවත්සරය සැමරූ අනුශූරතාව ලද සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයටයි.
මෙතෙක් 21 වතාවක් එෆ්.ඒ. කුසලාන දිනා ඇතත් මෑත කාලයේදී තරගාවලියේ ඔවුන් වෙතින් පෙන්නුම් කර ඇත්තේ පසුබෑමකි. ඒ හේතුවෙන් ඔවුන් වසර 2001න් පසුව ශූරතාව දිනා ගැනීමට සමත්ව නැත.
ඒ අතර සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය පසුකාලීනව පවත්වාගෙන යාමට පුරෝගාමී මෙහෙවරක් කළ මෙරට ප්‍රවීණතම පාපන්දු පුහුණුකරුවකු ලෙස සැලකෙන අභාවප්‍රාප්ත පී.ඩී. සිරිසේන මහතා 1960 වසරේ තරගාවලියේදී ගෝල 24ක් හා එහි අවසන් මහ තරගයේදී ගෝල හයක් වාර්තා කරමින් දැක්වූ දස්කම් වසර 59ක් ඉක්මවා ගොස් තිබුණත් මෙතෙක් බිඳ වැටී නැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.