Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ලීග සභාපතිවරු දෙකට බෙදෙති

ලීග සභාපතිවරු දෙකට බෙදෙති

නාමල් පතිරගේ - 2021 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දිවයිනේ පාපන්දු ලීග ප්‍රධානීන් රැසක් දෙපාර්ශවයෙන්ම නාමයෝජනා බාරදී තිබෙන බැවින් මැයි 30 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය (2021) උණුසුම් සටනක් වීමේ ලකුණු පහළ  වී තිබේ.  

නාමයෝජනා බාර ගැනීම අද (20) අවසන් වීමෙන් පසුව ප්‍රකාශ වූයේ මෙවර නිලවරණයේදී වෛද්‍ය මහිල් ප්‍රනාන්දු, ජස්වර් උමාර් හා රංජිත් රුද්‍රිගු යන මහත්වරු සභාපති ධුරයට නාමයෝජනා ඉදිරිපත් කර ඇති බවයි. එහෙත් දැනගන්නට ඇත්තේ මෙවර නිලවරණයේදී සටන පවතින්නේ පාපන්දු සම්මේලනයේ වෛද්‍ය කමිටුවේ වත්මන් සභාපති වෛද්‍ය මහිල් ප්‍රනාන්දු මහතා හා සම්මේලනයේ  වත්මන් ප්‍රධාන ලේකම් ජස්ටර් උමාර් මහතා නියෝජනය කරන පාර්ශ්ව දෙක අතර බවයි. 

පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන රංජිත් රුද්‍රිගු මහතා සභාපති ධුරයට නාමයෝජනා බාරදී සිටියත් ජස්වර් උමාර් පාර්ශවයට සහයෝගය දක්වමින් උප සභාපති ධුරයකටද නාමයෝජනා බාරදී තිබේ.

වත්මන් සභාපති අනුර ද සිල්වා මහතා මනිල් ප්‍රනාන්දු මහතාගේ පාර්ශවයෙන් මෙවර ප්‍රධාන ලේකම් ධුරයට තරග වදින්නේ පොල්ගහවෙල පාපන්දු ලීගය නියෝජනය කරමිනි.

මැයි 30 වැනිදා පැවැත්වෙන නිලවරණයෙන් පත්වන පාපන්දු සම්මේලනයේ නව විධායක සභාවේ නිල කාලය සම්බන්ධයෙන් මේ වනවිට මතගැටුමක් හටගෙන තිබේ. කෙසේ වුවත් ඒ පිළිබඳව විමසීමේදී හිටපු සභාපති රංජිත් රුද්‍රිගු මහතාට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා යොමුකළ ලිපියක දැක්වෙන්නේ පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව එහි නිල කාලය වසරකට පමණක් සීමා වන බවයි. 

නාමයෝජනාවලට එරෙහිව දෙපාර්ශ්වයෙන්ම ගොනුකර තිබු විරෝධතාවට දෙපාර්ශ්වයේ එකඟතාවයෙන් නාමයෝජනා ඉදිරිපත් කර සිටීමෙන් අනතුරුව ඉල්ලා අස්කර ගත් බවද වාර්තාවේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සඳහා (2021) ඉදිරිපත්වූ ප්‍රධාන පාර්ශ්ව දෙකේ නාමයෝජනා 

(මනිල් ප්‍රනාන්දු පාර්ශවය)

  • සභාපතිධුරයට:- විශේෂඥ වෛද්‍ය  මහිල් ප්‍රනාන්දු මහතා
  • ලේකම් ධුරයට:- අනුර ද සිල්වා මහතා
  • භාණ්ඩාගාරික ධුරයට:- ත්‍යාගරාජා සුදුකර් මහතා
  • උප සභාපති ධුරය (4):- සායිෆ් යුසුෆ්, ඒ.ඩබ්ලිව්.ඒ. ජෆාර්, පී.ඒ. ඩේවිඩ්සන්, කාංචන ජයරත්න යන මහත්වරු
  • උප ලේකම් ධුරයට:- රෝහිත ප්‍රනාන්දු හා ඉන්දික තේනුවර යන මහත්වරු.
  • උප භාණ්ඩාගාරික ධුරයට:- එස්.එම්. තවුෆික් මහතා

(ජස්වර් උමාර් පාර්ශ්වය)

  • සභාපති ධුරයට:- ජස්වර් උමාර් මහතා
  • ලේකම් ධුරයට:- උපාලි හේවගේ මහතා
  • භාණ්ඩාගාරික ධුරයට :- ආනෝල්ඩ් මුම්මානුවෙල් මහතා
  • උප සභාපති ධුරයන් (4):- රංජිත් රුද්‍රිගු, කේ.පී.පී. පතිරණ, අබ්දුල් මනාස්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.ඩබ්ලිව්.ජී.ආර්. නාගහකන්ද යන මහත්වරු.
  • උප ලේකම් ධුරයට:- කේ.ඒ. අනුරත්න මහතා
  • උප භාණ්ඩාගාරික ධුරයට:- ඇන්ටනී ෂර්බින් සෙලා මහතා 
     

අදහස් (0)

ලීග සභාපතිවරු දෙකට බෙදෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.