Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ලයනල් මෙසීට වසර 4 කදී කෝටි 13,000 ක්

ලයනල් මෙසීට වසර 4 කදී කෝටි 13,000 ක්

editorial - 2021 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝකයේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයකු වන ලයනල් මෙසී පසුගිය වසර 4 ක කාලයේදී බාසිලෝනා පාපන්දු සමාජය සමඟින් ඇතිකරගත් ගිවිසුම් වලින් යුරෝ මිලියන 555 ක ආදායමක් ලබන බව ස්පාඤ්ඤයේ පුවත් පතක් වාර්තා කරයි. තරගවාර 4 ක් සඳහා වන මෙම මුදල ඩොලර් මිලියන 673 ක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 13,000 ක් ඉක්මවයි.

වසර හතරකට පෙර මෙසී අත්සන් කළ ලේඛනයට අනුව ස්ථිර ආදායම් සහ වරින් වර වෙනස් වන ආදායම් වලින් එය සමන්විතය. ආසන්න වශයෙන් වසරක ආදායම මිලියන 138 ක් හෙවත් ඩොලර් මිලියන 167 කි. නැතහොත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 3232 කි.

ඕනෑම ක්‍රීඩාවක් සම්බන්ධයෙන් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක, මෙතෙක් එකඟ වූ මිල අධිකම ගිවිසුම මෙය බවත් ස්පාක්‍ද්ක්‍දයේ දිනපතා පුවත්පත ප්‍රකාශ කරයි. එහෙත් මෙම මුදලින් අඩක් පමණ ස්පාක්‍ද්ක්‍දයේ බදු සඳහා ගෙවීමට මෙසීට සිදුවනු ඇත.

මේ වනවිට 33 හැවිරිදි වියේ පසුවන මෙසී මේ වන විටත් සිය ගිවිසුම්ගත මුදලින් යුරෝ මිලියන 510 කට (ඩොලර් මිලියන 619) ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන සිටින බවද ස්පාඤ්ඤ පුවත්පත කියයි. කෙසේ වෙතත් මෙම ලේඛනය පිටතට යෑමේ වගකීම බාසිලෝනා පාපන්දු සමාජය ප්‍රතික්ෂේප කරන අතර එම පුවත්පතට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පැවසීය.

“එය පාර්ශවයන් අතර රහස්‍යභාවය පිළිබඳ මූලධර්මය මගින් පාලනය වන පෞද්ගලික ලේඛනයක්. පුවත්පතක් මගින් එය ප්‍රකාශයට පත් කිරීම ගැන කනගාටුයි” යනුවෙන් බාසිලෝනා පාපන්දු සමාජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

“බාසිලෝනා පාපන්දු සමාජය මෙම ලේඛනය ප්‍රකාශයට පත්කිරීමේ කිසිදු වගකීමක් බාර නොගන්නා අතරම මෙම ලේඛනය ප්‍රකාශයට පත්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවිය හැකි හානි සම්බන්ධයෙන් අදාළ පුවත්පතට එරෙහිව සුදුසු නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවා.” යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සටහන් විය.

“ලයනල් මෙසීට සහ ඔහුගේ ප්‍රතිරූපය අපකීර්තියට පත්කිරීමට දරන ඕනෑම උත්සාහයක් හමුවේ සහ ලෝක පාපන්දු ඉතිහාසයේ හොඳම ක්‍රීඩකයා බවට පත්වීමට ඔහු කටයුතු කළ ආයතනය සමඟ ඇති සබඳතාවයන්ට හානි කිරීමට එරෙහිව බාර්සිලෝනා පාපන්දු සමාජය සිය පූර්ණ සහයෝගය ඔහුට ලබාදෙනවා” යයිද එම නිවේදනයේ සටහන් වේ.

කෙසේ වෙතත් මෙසී මෙම වාර්තාව පිළිබඳව කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නැත.

කොරෝන වයිරස් වසංගතය හේතුවෙන් නිර්මාණය වූ විශාල ණය ප්‍රමාණයක් කළමනාකරණය කරගැනීම සඳහා බාසිලෝනා පාපන්දු සමාජය මේ වන විට දැඩි උත්සාහයක නිරතව සිටින අවස්ථාවක මෙම ලේඛනය ප්‍රකාශයට පත්විය. විශ්වාසභංග යෝජනාවකට මුහුණ දෙමින් සිටියදීම එහි සභාපති ජොසෙප් බාර්ටෝමූ පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඉල්ලා අස්වූයේය.  එදා සිට බාසිලෝනා පාපන්දු සමාජය භාරකාර මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන්නේය. නව සභාපතිවරයා තෝරා ගැනීම මාර්තු 7 වනදා පැවැත්වීමට නියමිතව ඇත.

පසුගිය වසර කිහිපය පුරා බාසිලෝනා පාපන්දු සමාජය වෙනුවෙන් මහත් කැපවීමෙන් ක්‍රීඩා කළ මෙසී ශූරතා 30 කට වඩා සිය ක්‍රීඩා සමාජයට දිනා දුන් ආකාරයද පුවත්පත විසින් විස්තර කර තිබිණ.

මෙසී දශක දෙකකට ආසන්න කාලයක් බාසිලෝනා පාපන්දු සමාජය සමඟින් සිට ඇති නමුත් පසුගිය තරගාවලිය අවසානයේදී එයින් ඉවත්ව යෑමට ඉල්ලා සිටියේ ක්‍රීඩා සමාජය ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් තමා සතුටු නොවන පවසමිනි. ඔහුගේ ඉල්ලීම එවර ප්‍රතික්ෂේප වූ නමුත් මෙවර තරගාවලිය අවසන් වූ විට ඔහුට කිසිදු ගෙවීමකින් තොරව පිටව යා හැකිය.

 

- 2079

 


අදහස් (0)

ලයනල් මෙසීට වසර 4 කදී කෝටි 13,000 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.