Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football යුරෝපා පාපන්දු සම්මේලනය දැඩි ස්ථාවරයක

යුරෝපා පාපන්දු සම්මේලනය දැඩි ස්ථාවරයක

editorial - 2020 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් කල් දැමූ සහ අතර මැද නවතා දැමූ ක්‍රීඩා නැවත ආරම්භ කිරීමෙන් පසු මෙවර පාපන්දු තරග වාරය පවත්වා අවසන් කිරීමට උත්සාහ කරන ලෙස යුරෝපීය පාපන්දු සම්මේලනය විසින් තමන්ගේ සාමාජික රටවල පාපන්දු සංගම් වලට දැඩි ලෙස අවවාද කර තිබේ.

කොරෝනා වයිරසය පැතිරයෑම හේතුවෙන් 2020 යුරෝපා පාපන්දු තරගාවලිය ලබන වසර දක්වා කල්දමා ඇති අතර යුරෝපයේ රටවල ජාතික පාපන්දු ලීග සහ මහාද්වීපික සමාජ තරගාවලි දෙකද අත්හිටුවා තිබේ.
 
අතහැර දැමීමට වඩා සිය ප්‍ර‍ාදේශීය තරගාවලි පවත්වා අවසන් කිරීමට පියවර ගන්නා ලෙස යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලය එහි සාමාජික සංගම් වලට පවසා තිබේ. ශූරයන්ගේ ලීග සහ යුරෝපීය ලීග තරගාවලි අවසන් කිරීමට සඳහාද ඔවුන්ගේ එම තීරණය බලපානු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙති.
 
යුරෝපා පාපන්දු සංගම් 55 ම පසුගියදා යුරෝපීය පාපන්දු සම්මේලන නිලධාරීන් සමග වීඩියෝ සම්මන්ත්‍රණයකට සහභාගී වූ නමුත්, බ්‍රහස්පතින්දා (23 වැනිදා) විධායක කමිටු රැස්වීම පැවැත්විමට නියමිත බැවින් එම සම්මන්ත්‍රණයේදී අනාගත සැලසුම් පිළිබඳ කිසිදු තීරණයක් නොගැනිණ. කෙසේ වෙතත් නිලධාරීන්ගේ කුසුකුසුව වූයේ බොහෝ පාපන්දු තරගාවලි අවලංගු කර දැමීමට සිදුවිය හැකි බවයි.
 
යුරෝපයේ පාපන්දු තරග පැවැත්වෙන්නේ වෘත්තීය මට්ටමින් වන අතර කිසියම් තරගාලියක් අතහැර දැමුවහොත් එය ව්‍යාපාරික වශයෙන් පාඩුවක් වෙයි. එබැවින් තරගාවලි අවලංගු කිරීමට යුරෝපා පාපන්දු සංගමයෙන් අනුබලයක් නොලැවෙනු ඇතැයි කියැවේ.
 
බෙල්ජියම සිය ශූරතාව අවසන් කිරීමට ගත් පියවරට ප්‍රතිචාරයක් ලෙස යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලය පවසා තිබුණේ කිසිදු තරගාවලියක් සඳහා කල්දැමීමක් යනු විකල්පය නොවන බවයි. තරග අවලංගු කිරීමට ඉඩ නොදෙන බව පිළිගත් පසු ගත හැකි හොඳම පියවර තරගාවලිය කෙටි කිරීම බවත් ඔව්හු කියා සිටියහ.
 
අගෝස්තු මස අවසන් සතිය තුළ ශූරයන්ගේ ලිග සහ යුරෝපීය ලීග අවසන් මහා තරග පැවැත්වීමට යුරෝපීය පාපන්දු සම්මේලනය බලාපොරොත්තු වන බවට එහි සාමාජික සංගම් අනුමාන කරයි.

- 036 


අදහස් (0)

යුරෝපා පාපන්දු සම්මේලනය දැඩි ස්ථාවරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.