Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football යුද හමුදා පිලේ අපේක්‍ෂා සීසීකඩ විසිරෙයි

යුද හමුදා පිලේ අපේක්‍ෂා සීසීකඩ විසිරෙයි

නාමල් පතිරගේ - 2020 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට පිටම වසර තුනක්ම ශූරතාව හිමිකර ගනිමින් සිවුවැනි වතාවටත් එය හිමිකර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි යුද හමුදා කණ්ඩායමේ අපේක්ෂා සුනු විසුණු කරමින් පොලිස් ක්‍රීඩකයෝ අන්තර් සමාජ එෆ්.ඒ. කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ. පොලිසිය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ දඬුවම් පහර 5-4 ක අනපේක්ෂිත ජයක් වාර්තා කරමිනි.

සුගතදාස පිටියේදී දෙපිළ අතර පෙරේදා පැවති තරගයේ නියමිත කාලය ගෝල 1 - 1 ක් ලෙස අවසන්වීමෙන් පසුව යුද හමුදා කණ්ඩායමේ ඉරණම දඬුවම් පහරින් විසඳුනි.

වසර 2016, 2017 සහ 2018 යන වසර තුනකදීම පිට පිටම එෆ්.ඒ. කුසලාන දිනාගත් යුද හමුදා ක්‍රීඩා සමාජය වසර 2014 ඇතුළුව අවස්ථා හයකදී එෆ්. ඒ. කුසලාන දිනා තිබේ.

අනපේක්ෂිත පොලිස් ප්‍රහාරය හමුවේ 16 දෙනාගේ වටයෙන් පසුව තරගාවලියෙන් ඉවත්ව යන ප්‍රබල යුද හමුදා කණ්ඩායම ගෙවී ගිය වසරේ ශූරයන්ගේ තරගාවලියේද ශූරයෝ වූහ. ඒ අවසන් මහ තරගයේදී ප්‍රබල කොළඹ ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමිණි.

අද (5 වැනිදා) පස්වරුවේ නිමාවට පත්වූ 16 දෙනාගේ තරග වටයේ ප්‍රතිඵලයන්හි විශේෂත්වය වන්නේ ප්‍රබල කණ්ඩායම් අතර පැවැති තරග කීපයකදීම දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තීරණය වීමයි. එහිදී බොහෝ විට සිදුවූයේ වඩාත් ප්‍රබල කණ්ඩායම් පසුබැසීමය. කෙසේ වුවත් ගියවර අනුශූරතාව හිමි කරගත් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය දඬුවම් පහර වලින් ජාවාලේන් කණ්ඩායම පරාජයට පත් කරමින් අර්ධ අවසන් වටයට ප්‍රවේශ විය.

ශූරයන්ගේ තරගාවලිය වසර ගණනාවක් තිස්සේ නියෝජනය කරන වයඹ පළාතේ එකම කණ්ඩායම බවට පත්ව සිටින වෙන්නප්පුව නිව් යංග්ස් කණ්ඩායමේ එෆ්.ඒ. කුසලාන අපේක්ෂා ද ඊයේ නිමාවට පත්වූයේ තියුණු තරගයකින් පසුව බන්ධනාගාර ක්‍රීඩා සමාජය හමුවේ දඬුවම් පහරෙන් පරාජයට පත්වීමෙනි.

ගියවර ශූරතාව දිනාගත් යුද හමුදා කණ්ඩායම මෙවර 32 දෙනාගේ තරග වටයේ සිට කෙළින්ම තරග වැදීමට අවස්ථාව උදාකර ගැනීමේදී 16 දෙනාගේ තරග වටය ජයගත්තේ ගෝල්ඩන් රයිස් කණ්ඩායම ගෝල 8 - 0 කින් පරාජයට පත් කරමිනි.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග සැලැස්ම එළිදැක්වීම හෙට (7) පස්වරු 6.30 ට පාපන්දු සම්මේලන ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ.


පෙර අර්ධ අවසන් පූර්ව තරග වටයේ ප්‍රතිඵල

● පොලිස් පිල විසින් යුද හමුදා පිල පරාජය කරන ලදී (දඬුවම් පහර 5 - 4)
● සිවිල් ආරක්ෂක පිල විසින් රෙඞ්රෝස් පිල පරාජය කරන ලදී (දඬුවම් පහර 5 - 4)
● සෝන්ඩර්ස් පිල විසින් ජාවාලේන් පිල පරාජය කරන ලදී (දඬුවම් පහර 3 - 0)
● නාවික හමුදා පිල විසින් සිංඟින් ෆිෂ් පිල පරාජය කරන ලදී (1 - 0)
● බන්ධනාගාර පිල විසින් වෙන්නප්පුව නිව් යංග්ස් පිල පරාජය කරන ලදී (දඬුවම් පහර 5 - 4)
● රිනවුන් පිල විසින් නිව් ස්ටාර් පිල පරාජය කරන ලදී (2 - 0)
● කළුතර බ්ලූ ස්ටාර්ස් පිල විසින් නාවලපිටිය අප් කන්ටි්‍ර ලයන්ස් පිල පරාජය කරන ලදී (6 - 2)
● බ්ලූ ඊගල් පිල විසින් රෙඞ්සන් පිල පරාජය කරන ලදී (1 - 0)

 


අදහස් (0)

යුද හමුදා පිලේ අපේක්‍ෂා සීසීකඩ විසිරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.