Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පේලේගේ වාර්තාව රොනාල්ඩෝ හිමිකරගනී

පේලේගේ වාර්තාව රොනාල්ඩෝ හිමිකරගනී

editorial - 2021 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ජුවෙන්ට්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කරන රොනාල්ඩෝ ඉතාලියේ ‘සෙරියා - ඒ’ තරගාවලියේ පසුගිය ඉරිදා පැවැති තරගයකදී ගෝල ත්‍රිත්වයක් ලබා ගත්තේ කැග්ලියාරි පිලට එරෙහිව තම පිලට ගෝල 3-1 ක ජයක් හිමිකර දෙමිනි. මෙම ගෝල ත්‍රිත්වයත් සමගින් පේලේගේ ලෝක වාර්තාව අභිබවා යාමටත්, වෘත්තීය තරග වලදී ලබාගත් ගෝල සංඛ්‍යා 770 ඉක්මවා යාමටත් රොනාල්ඩෝ සමත් විය.

තමන් තබා සිටි ලෝක වාර්තාව අභිබවා යාම සම්බන්ධයෙන් බ්‍රසීලයේ සුපිරි තරුව වූ පේලේ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට සුබ පැතුම් පිරිනමා තිබේ.

35 හැවිරිදි රොනාල්ඩෝ තරගයේ ජයග්‍රහණයෙන් පසුව ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක තබමින් කියා සිටියේ බ්‍රසීල පිලේ හිටපු වීරයාගේ බලපෑම තමන්ගේ වෘත්තිමය තත්ත්වය ඉහළ නංවා ගැනීමට මහත් පිටුවහලක් වූ බවයි. මෙම පණිවුඩයම ඊට පිළිතුරු ලිවීම සඳහා පේලේ පෙළඹවීය.

“ජීවිතය යනු හුදෙකළා පියාසැරියකි. සෑම කෙනෙක්ම තමන්ගේම ගමනක් යයි. ඔබ මෙතෙක් ගමන්කර ඇත්තේ කෙතරම් සුන්දර ගමනක්ද” යනුවෙන් පෙලේ සිය ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයේ සටහන් කර තිබේ.

“මම ඔබව බොහෝ සේ අගය කරමි. ඔබ ක්‍රීඩා කිරීම නැරඹීමට මා කැමතිය. මෙය කිසිවෙකුට රහසක් නොවේ. නිල පාපන්දු තරගවලදී මගේ ගෝල වාර්තාව බිඳ දැමීම ගැන සුබ පැතුම්” යයි ලියා තැබූ පේලේ....

“මගේ එකම කනගාටුව අද ඔබව වැළඳ ගැනීමට නොහැකි වීමයි. නමුත් වසර ගණනාවක් තිස්සේ පැවති මිත්‍රත්වයේ සංකේතයක් ලෙස මම මෙම ඡායාරූපය මහත් සෙනෙහසින් තබමි” යයි පාපන්දු පිටියේ ශේෂ්ඨයා සුවිශේෂී ඡායාරූපයක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කර තිබිණ.
 
 

 


අදහස් (0)

පේලේගේ වාර්තාව රොනාල්ඩෝ හිමිකරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.