Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු නිලවරණ කමිටුවට ලක්ෂ 20 ක්

පාපන්දු නිලවරණ කමිටුවට ලක්ෂ 20 ක්

editorial - 2021 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

--------------------
නාමල් පතිරගේ
--------------------

මැයි මස 30 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණය මෙහෙය වන නිලවරණ කමිටුව සඳහා ගෙවීම් කිරීමට ගෙන ඇති තීරණය කෝප් කමිටුව දැඩි විවේචනයට ලක්වී තිබේ. එහි දී හෙළිවූයේ 2021 නිලවරණය මෙහෙයවන කමිටුවේ සභාපතිවරයාට රුපියල් 750,000 ක්ද, සෙසු සාමාජිකයන් දෙදෙනාට රුපියල් 600,000ක් බැගින් පරිදි පාපන්දු සම්මේලනයන් ගෙවීම් ලබාදෙන බවයි.

නිලවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු ද වන වත්මන් සභාපතිවරයා තමන්ගේ අභිමතය පරිදි පත් කර ගත් විධායක සභාවකින්, නිලවරණ කමිටුවට ගෙවීමට අනුමත කරවාගත් එවැනි ගෙවීම් කිසිසේත් පිළිගත නොහැකි බවත් කෝප් කමිටුව අවධාරණය කරයි.

කෝප් කමිටුවේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතා පවසා ඇත්තේ නිලවරණ කමිටුවට ගෙවීම් කිරීමට ගත් තීරණයට තමා  එකඟ නොවුණු බවයි.  එසේම පාපන්දු සම්මේලනයේ විධායක සභාව ගන්නා ඇතැම් තීරණ වෙනස් කිරීමට තමාට සෘජු හැකියාවමක් නොමැති බවත් එහිදී තමාගේ මතය එක් ඡන්දයකට පමණක් සීමාවන බවත් ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මැයි 30 වැනිදා පැවැත්වීමට නියමිත  පාපන්දු සම්මේලන නිලවරණයේදී ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනි මාරසිංහ මහත්මියයි. එහි පත්කර තිබු සාමාජිකයන් දෙදෙනාගෙන් අයෙකු ඉල්ලා අස් වූ බව ද වාර්තා විය. ඒ සඳහා පත්කර තිබු සෙසු සාමාජිකයන් දෙදෙනා වන්නේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සාරෝජනි වීරවර්ධන හා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක යන මහත්ම මහත්මීන්ය. 


අදහස් (0)

පාපන්දු නිලවරණ කමිටුවට ලක්ෂ 20 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.