Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නේමාර්ගේ සතුටු කඳුළු පිටුපස සැඟවුණු ආයෝජනය

නේමාර්ගේ සතුටු කඳුළු පිටුපස සැඟවුණු ආයෝජනය

editorial - 2020 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

ඉරිදා (23 වැනිදා) පෘතුගාලයේ ලිස්බන් නුවරදී පැවැත්වෙන යුරෝපා පාපන්දු ලීගයේ අවසන් මහ තරගයේදී පැරිස් සෙන්ට් ජර්මන් (පී.එස්.ජී.) පිල විසින් බයර්න් මියුනිච් පිල පරාජය කළහොත්, බොහෝ විට දැකගත හැකි පින්තූරය වන්නේ නෙයිමාර්ගේ සතුටු කඳුළු හෝ පැරිස් සෙන්ට් ජර්මන් ක්‍රීඩකයන් සතුටින් උද්දාමයට පත්ව සිටින පින්තූර විය හැකිය. එහෙත් ඒ සියල්ලේ මහිමය කටාර්හි එමීර්වරයා වනු ඇත.

යුරෝපයේ ප්‍රභූ සමාජ තරඟාවලියේ අවසන් තරඟයට පැරිස් සෙන්ට් ජර්මන් පිල පළමු වරට පැමිණෙන්නේ එහි 50 වන උපන්දිනය සමරන මාසයේදී ය. එහෙත් මේ සාර්ථකත්වය ආරම්භ වූයේ 2011 ජූනි 30 ය.

ඒ කිව්.එස්.අයි. හෙවත් කටාර් ක්‍රීඩා ආයෝජන සමාගම විසින් පී.එස්.ජී කණ්ඩායම මිලදී ගත් දිනයයි. එහි සභාපති නසාර් අල්-කෙලෙයිෆි මෙම ක්‍රීඩා සමාජය “විශිෂ්ට කණ්ඩායමක් මෙන්ම ජාත්‍යන්තර තලයේ ශක්තිමත් සන්නාමයක්” බවට පත් කිරීමට එදා පොරොන්දු වූයේය.

පැරීසියේ ක්‍රීඩා සමාජයක් මිලදී ගැනීමට කළ ආයෝජනය සම්බන්ධයෙන් කටාර්හි විරුද්ධවාදීන් ප්‍රශ්න කළත් කටාර් ක්‍රීඩා ආයෝජන සමාගම විසින් තම ඉලක්කයක්  සාක්ෂාත් කරගනු ලැබ ඇති බවට සැකයක් නැත. පී.එස්.ජී. කණ්ඩායම ආසන්නතම තරගවාර අටකින් ඔවුන්ගේ හත්වැනි ප්‍රංශ ශූරතාව දිනාගත් අතර වසර හයක් තුළ සිව්වැනි වරටත් ප්‍රංශයේ කුසලාන ත්‍රිත්වය දිනා ගත්තේය.

දැන්, මහාද්වීපික වේදිකාවේදී ඔවුන් සියලු දෙනාගේම වැඩිම අවධානය දිනාගත් මෙන්ම වඩාත්ම කීර්තිමත් සමාජ ක්‍රීඩා සමජ තරගය දක්වා පැමිණ තිබේ.

“අපි මෙහි පැමිණි දා සිට චැම්පියන්ස් ලීගය අපගේ සිහිනය වී තිබෙනවා. අපි දැන් අපේ සිහිනය සැබෑ කර ගැනීමට ආසන්නයි” යනුවෙන් අවසන් පූර්ව වටයේදී ආර්.බී. ලිප්සිග් කණ්ඩායම පරාජය කිරීමෙන් පසුව නසාර් අල්-කෙලෙයිෆි  පැවසීය.

පැරිස් සෙන්ට් ජර්මෙන් පිල අතීතයේදීත් ප්‍රබල කණ්ඩායමක් විය. 1990 ගණන්වල ප්‍රංශ රූපවාහිනී සේවාවක් වූ කැනල් ප්ලස් හි හිමිකාරිත්වය යටතේ ජෝර්ජ් වෙයි වැනි අතිශය ප්‍රබල ක්‍රීඩකයෝ පී.එස්.ජී. පිලේ සිටියහ. 1994 දී ලීග් තරගාවලිය ජයග්‍රහණය කළ පී.එස්.ජී. කණ්ඩායම  වසරකට පසුව චැම්පියන්ස් ලීග් අවසන් පූර්ව වටයට පිවිසියේය. එහෙත් යුරෝපා මහාද්වීපයේදී ඔවුන්ගේ එකම කුසලානය වන්නේ 1996 දී දිනාගත් කුසලාන ජයග්‍රාහකයින්ගේ කුසලානයයි.

කෙසේ වෙතත් 2011 වන විට පී.එස්.ජී. දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන් සමාජයක් විය. ඔවුන් 1 වැනි ලීග් තරගාවලියේ සිව්වන ස්ථානයට පත්වූ අතර වසරකට පෙර 13 වැනි ස්ථානයට පත්විය.
එහෙත් කටාර්හි ගෞරවනීය චරිතයක් වන නසාර් අල්-කෙලෙයිෆි යටතේ පී.එස්.ජී. ක්‍රීඩා සමාජය   සාර්ථක ඉදිරිගමනක් අත්කර ගත්තේය.

පාපන්දු ක්‍රීඩාවෙන් වැඩිම මුදලක් උපයන ක්‍රීඩා සමාජ අතරේ ‘ඩෙලොයිට්‘ ශ්‍රේණිගත කිරීම් අනුව පස්වන ස්ථානය දක්වා පැන ගැනීමට ඔවුන්ට ගත වූයේ වසර දෙකක් පමණි. 2012/13 දී ඔවුන්ගේ ආදායම යූරෝ මිලියන 400 (ඩොලර් මිලියන 471) ට අඩු වූ නමුත් එය කටාර් ක්‍රීඩා ආයෝජන සමාගම යටතේ කෙටි කාලයක් තුළ හතර ගුණයකින් වැඩි විය. පී.එස්.ජී. පිලට ඉදිරියෙන් සිටියේ රියල් මැඩ්රිඩ්, බාර්සිලෝනා, බයර්න් මියුනිච් සහ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම් පමණි.

එම වාරයේදී පීඑස්ජී වසර අටකට පසු නැවත චැම්පියන්ස් ලීගයට පැමිණි අතර කටාර් ආයෝජන සමාගමේ හිමිකාරිත්වය යටතේ ඔවුන්ගේ පළමුවැනි පන්තියේ ලීග්  ශූරතාව දිනා ගත්තේය. ඔව්හු ඩේවිඩ් බෙකම් සමග වාණිජ ගිවිසුමකට අත්සන් තැබූහ.  කටාර් සංචාරක අධිකාරිය සහ කටාර් ජංගම දුරකථන සැපයුම්කරුවකු සමඟ විශාල වාණිජ ගනුදෙනු අත්සන් කරන ලදී.

නවතම සංඛ්‍යාලේඛන අනුව පී.එස්.ජී. පිල යූරෝ මිලියන 635.9 ක ආදායමක් සමඟ පස්වන ස්ථානයට පත්ව සිටී.

පීඑස්ජී විසින් ඉතිහාසයේ විශාලතම හුවමාරු ගාස්තු දෙක ගෙවා තිබේ. 2017 දී යූරෝ මිලියන 222 කට බාසිලෝනා පිල වෙතින් බ්‍රසීල ක්‍රීඩක නෙයිමාර් මිලදී ගත් පී.එස්.ජී. පිල මොනාකෝ වෙතින් කයිලියන් එම්බැපේ යුරෝ මිලියන 180 කට මිලදී ගත්තේය.  මෙම වසර නවය තුළ පී,එස්.ජී. ක්‍රීඩා සමාජය හුවමාරු ගාස්තු සඳහා පමණක් යුරෝ බිලියන 1.3 ක් වියදම් කර ඇත.

පාපන්දු ක්‍රීඩාවේදී නම් සියල්ලම පිටියේදී ලබාගන්නා සාර්ථකත්වය මත රැඳී  තිබේ. එහෙත් කටාර් ක්‍රීඩා ආයෝජන සමාගමේ මැදිහත්වීම පිටුපස ඇති අභිප්‍රේරණයන් වඩාත් ගැඹුරට යන්නකි. ඔව්හු "කටාර් සහ විදේශයන්හි ප්‍රමුඛතම ක්‍රීඩා, විවේක හා විනෝදාස්වාද ආයෝජන සමාගමක් ලෙස ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්වන" දැක්මක් ගැන කතා කරති.

යුරෝපයේ විශාලතම හා වඩාත්ම ආකර්ෂණීය නගරවලින් එකක් වන පැරිසියේ ක්‍රීඩා සමාජයක් තෝරා ගැනීම 2022 ලෝක කුසලානය සඳහා වූ සාර්ථක උත්සාහයෙන් පසුව කටාර් සිය වෙළඳ නාමය වර්ධනය කර ගැනීමේ මාර්ගයකි.

ලෝක කුසලානය සහ කටාර් රාජ්‍යයේ පීඑස්ජී හි හිමිකාරිත්වය සංක්‍රමණික සේවකයින්ට කටාර් රාජයය සලකන ආකාරය සම්බන්ධයෙන් අවධානයට ලක්වන්නකි. එය පිළිගත් ප්‍රතිලාභ පිරිවැය ඉක්මවා යන බවක් පෙනෙන්නට තිබේ.

“අවසානයේ මෙය දේශපාලනය, බලය සහ බලපෑම ගැන මිස පාපන්දු ගැන නොවේ,” මැක්ගීහාන් පෙන්වා දෙයි. එහෙත් කටාරයේම දෝහා නගරයේ වීදි වල සිටින අය පැරිස් සෙන්ට් ජර්මෙන් පිලට වඩා එංගලන්තයේ ප්‍රිමියර් ලීග් තරගාවලිය කෙරෙහි වැඩි අවධානයක් තවමත් දක්වති.


අදහස් (0)

නේමාර්ගේ සතුටු කඳුළු පිටුපස සැඟවුණු ආයෝජනය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.