Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නේමාර් අසහනයට පත්වෙයි

නේමාර් අසහනයට පත්වෙයි

editorial - 2020 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නැවතත් පාපන්දු ක්‍රීඩා කරන්නේ කවදාදැයි නොදැන සිටීම තමා මහත් අසහනයට පත් කරවන්නක් යැයි බ්‍රසීල කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයකු වන නේමාර් පවසයි. නේමාර් බ්‍රසීලයේ ජාතික කණ්ඩායමට පමණක් නොව ප්‍රංශයේ දේශීය පාපන්දු තරගාවලියේදී පැරිස්හි ශාන්ත ජර්මේන් කණ්ඩායම වෙනුවෙන්ද ක්‍රීඩා කරයි.
 
සිය දීර්ඝ කාලීන ශාරීරික අභ්‍යාසකවරයා වන රිකාඩෝ රෝසාගේ අධීක්ෂණය යටතේ කළ අභ්‍යාස වල නිරතව සිටින නේමාර් තම මවු රට වන බ්‍රසීලයේදී යළිත් නරඹන්නන් හමුවීමට සූදානම් වෙමින් සිටියි. එහෙත් ඒ කවදාද යන්න අදහසක් ඔහුට හෝ බ්‍රසීල පාපන්දු සංගමයටවත් නැත. විවිධාකාර දෛනික චර්යාවන්ගෙන් තමා ක්‍රියාශීලීව තබා ගැනීමට රෝසා කොතරම් උත්සාහ කළද, කොවිඞ්-19 වසංගතය හේතුවෙන් පාපන්දු තරග නොපැවැත්වීම තමාගේ හිතට මහා බරක් යැයි නේමාර් පැවසීය.
 
“අපි නැවත ක්‍රීඩා කරන්නේ කවදාදැයි නොදැන සිටීම කනස්සල්ලට හේතුවක්. ශාන්ත ජර්මේන් ක්‍රීඩා සමාජය සහ එහි ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කිරීමේ සහ තරඟ වැදීමේ වාතාවරණයන් මේ වෙනකොට මට මඟ හැරී ගිහින්.” යැයි නේමාර් සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබිණ.
 
“කලින් වගේම රසිකයින්ටත් අප සියල්ලන්ම නැවතත් ක්‍රීඩාංගණය තුළ සිටින අයුරු දැකීමට අවශ්‍ය බව මට විශ්වාසයි. ඒ නිසා බලධාරීන් ඒ සම්බන්ධව හැකි ඉක්මනින් තීරණයක් ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා.” යැයි නේමාර් වැඩි දුරටත් එහි සඳහන් කර තිබිණ.
 
මාර්තු මාසයේදී තාවකාලිකව මෙවර තරග වාරය නවතා දැමීමට පෙර ශාන්ත ජර්මේන් කණ්ඩායම වෙනුවෙන් තරග 22 කට ක්‍රීඩා කළ නේමාර් එහිදී ගෝල 18 ක් ලබා සිටියේය. එහිදී රෝසා කියා සිටියේ තම ප්‍රධාන කාර්යය වූයේ නේමාර් දැනටමත් පත්ව සිටින පීඩනයෙන් ඔහු මුදවා ගැනීම බවය.
 
“පුහුණුවීම් සහ පෝෂණ උපදෙස් පාලනය කිරීම මගින් මම ඔහුගේ පීඩනය සමනය කිරීමට උත්සාහ කරනවා. මේ වන විට සෑම දෙයක්ම නිවැරදි ආකරයෙන් සිදුවෙනවා. ඒ නිසා එන්න එන්ම ඔහුගේ ක්‍රියාකාරීත්වය ඉහළ යනවා.” යැයිද රෝසා කියා සිටියේය.
 
“මා උත්සාහ කරන්නේ මගේ ක්‍රමවේද එකිනෙක මාරු කරමින් ඔහුගේ උනන්දුව පවත්වා ගන්නයි. සාමාන්‍ය පුහුණු අභ්‍යාස සහ ඒවායේ ප්‍රමාණය සහ කාලය මාරු කරමින් මා ඒවා ඔහුට දෙනවා. ඒත් ශාරීරික යෝග්‍යතාව පැත්තෙන් බැලුවාම ඔහු අනෙක් සියලුම දෙනාට වඩා ඉදිරියෙන් සිටින ක්‍රීඩකයෙක්” යයිද රෝසා කියයි.
 
-036

 


අදහස් (0)

නේමාර් අසහනයට පත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.