Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඩිෆෙන්ඩර්ස් පිලෙන් ගෝල වරුසාවක්

ඩිෆෙන්ඩර්ස් පිලෙන් ගෝල වරුසාවක්

editorial - 2019 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එෆ්. ඒ. (වැන්ටේජ්) කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් 32 ක පිළිමළුන් පිටුදැකීමේ තරග වටය නිමා කරමින් ගාල්ල රෙඞ් රොබින්ස් කණ්ඩායම පරදවා දඩුවම් පහර 4-2 ක ජයක් ලැබීමට නිව් යන්ග් පාපන්දු සමාජය සමත් විය. මෙම තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේදී ඊයේ (22) පැවැත්විණි.

තරගයේ සම්පූර්ණ කාලය නිමාවේදී දෙපිලම සමාන ගෝල සංඛ්‍යාවක් ලබා ගැනීම නිසා දඩුවම් පහර මත තරගයේ ජයග්‍රාහකයා තීරණය කෙරිණි.

ඉරිදා පැවැති තවත් තරගයකදී ජාවාලේන්  ක්‍රීඩා සමාජය විසින් සොලිඞ් ක්‍රීඩා සමාජය පරදවා ගෝල 2-0 ක ජයක් ලබා ගැනීමට සමත් විය.

කණ්ඩායම් 32 තරග වටයේදී විශාලතම ජයග්‍රහණය අත්කර ගන්නා ලද්දේ ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය විසිනි. ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩා සමාජය ගෝල්ඩන් රයිස් කණ්ඩායම පරදවා ගෝල 8-0 ක ජයක් ලබාගත්තේය. ගෝල ත්‍රිත්වයක් ලබාගත් ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ එම්. ඒ. රහුමාන් තරගයේ 14, 42 සහ 86 වැනි විනාඩි වලදී ගෝල 3 ක් ලබාගත්තේය.

ඩී.එම් ද සිල්වා 10 වැනි විනාඩියේදී පළමු ගෝලය ලබාගත්තේ ගෝල වැලක ආරම්භය ලබාගනිමිනි. පසුව කේ.එස් දිල්ෂාන් 18 සහ 50 වැනි විනාඩි වලදී ද එස්.කේ මෙන්ඩිස් විසින් 34 සහ 85 වැනි විනාඩි වලදී ද ගෝල ලබා ගත්හ.

මාවනැල්ල එක්සත් ක්‍රීඩා සමාජය පරදවා ගෝල 4-1 ක ජයක් ලැබීමට සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සමත් විය.
සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් එස්.නිරේෂ් 68 වැනි විනාඩියේදී ද එස්.අයි පෙරේරා 75 වැනි විනාඩියේදී ද එන්.සී අබේසේකර 78 වැනි විනාඩියේදී ද ගෝල රැස් කර ගත්හ. එස්.එම් කුර්ෂිඞ් අතිරේක කාලයේදී ගෝලයක් ලබා ගත්තේය.

මාවනැල්ල එක්සත් ක්‍රීඩා සමාජයේ එච්.එම් රමීස් අතිරේක කාලයේදී ගෝලයක් වාර්තා කළේය.


කණ්ඩායම් 32 වටයේ සම්පූර්ණ තරග ප්‍රතිඵල

■    ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය විසින් ගෝල්ඩන් රයිස් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (8-0)
■    අප්කන්ටි්‍ර- ලයන්ස් ක්‍රීඩා සමාජය විසින් ග්‍රේට් ස්ටාර් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (2-0)
■    සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය විසින් ජමල්යා ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (5-4)
■    සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය විසින් මාවනැල්ල යුනයිටඞ් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (4-1)
■    බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය විසින් රෙඞ් ස්ටාර් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (4-3)
■    රෙඞ් රෝස් ක්‍රීඩා සමාජය විසින් සුපර් බීච් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (1-4)
■    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ක්‍රීඩා සමාජය විසින් පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (1-2)
■    බන්ධනාගාර  ක්‍රීඩා සමාජය විසින් සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (3-0)
■    යන්ග් ස්ටාර්  ක්‍රීඩා සමාජය විසින් නිව් ස්ටාර් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (2-1)
■    රිනවුන් ක්‍රීඩා සමාජය විසින් කොළඹ පාපන්දු සමාජය පරාජය කරන ලදී.
■    (4-0)
■    බ්ලූ ඊගල් ක්‍රීඩා සමාජය විසින් සරික්කාලමුල්ල යූත් පරාජය කරන ලදී. (2-1)
■    ජාවා ලේන් ක්‍රීඩා සමාජය විසින් සොලිඞ් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (2-0)
■    නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය විසින් රෙඞ් රොබින්ස් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (4-3)
■    සිගින් ෆිෂ් ක්‍රීඩා සමාජය විසින් ලිවර්පූල් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (4-3)
■    සී හෝක්ස් පාපන්දු සමාජය විසින් ඉමායන් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (3-0)
■    රෙඞ් සන් ක්‍රීඩා සමාජය විසින් ශාන්ත නිකොලස් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී (4-2)

....


අදහස් (0)

ඩිෆෙන්ඩර්ස් පිලෙන් ගෝල වරුසාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.