Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඩිෆෙන්ඩර්ස් - පාරෝ තරගය තරගය සමවෙයි

ඩිෆෙන්ඩර්ස් - පාරෝ තරගය තරගය සමවෙයි

නාමල් පතිරගේ - 2020 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදා (ඩිෆෙන්ඩර්ස්) ක්‍රීඩා සමාජය හා  භූතානයේ පාරෝ ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර ඊයේ (22) රාත්‍රියේ කොළඹ තුරඟ තරග පිටියේදී නිමාව දුටු ආසියානු ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියේ පළමු වටයේ තරගය ගෝල 3-3 ක් ලෙසින් ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

ඩයලොග් ශූරයන්ගේ තරගාවලියේ ශූරතාව දිනාගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙවර ආසියානු ක්‍රීඩා සමාජ තරගාවලියට සහභාගි වීමේ  නියෝජනය කිරීමේ අවස්ථාව උදාකරගත් යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් ඉදිරි පෙළ ක්‍රීඩක සජිත් කුමාර පස්වැනි හා 63 වැනි විනාඩිවලදී ගෝල දෙකක් වාර්තා කළේය.

ඒ අතර 36 වැනි විනාඩියේදී එවන්ස් අසාන්ට් ශ්‍රී ලංකා යුද හමුදා පිලට අනෙක් ගෝලය ලබාදුන්නේය.

දෙපිල වෙතින් මාරුවෙන් මාරුවට ගෝල වාර්තාවීමෙන් තරගය පුරාම උණුසුම් මුහුණුවරක් ප්‍රදර්ශනය විය. 11, 25, 45 යන විනාඩිවලදී භූතාන පාරෝ කණ්ඩායමේ ගෝල තුන වාර්තාවිය.

ඉරාන ජාතික බිජාන් හෙයිදුරි මහතා මෙම තරගය විනිශ්චය කළේය.

දෙපිල අතර මූලික වටයේ දෙවැනි තරගය මෙම 29 වැනිදා භූතානයේ තිම්පු නුවරදී පැවැත්වේ.

එම තරගය ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ දෙවැනි වටයට පිවිසීමේ අවස්ථාව උදාවන අතර එහිදී ඉන්දීය ජේ.එස්.ඩබ්ලිව්. බැංගලෝර්  කණ්ඩායම මුණගැසේ.

29 වැනිදා පැවැත්වෙන මූලික වටයේ සෙසු තරගයත් ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් ප්‍රතිවාදීන්ගේ රටේදී පැවැති තරගයේදී වැඩිම ගෝල ගණනක් රැස්කළ කණ්ඩායමට දෙවැනි වටයේ අවස්ථාව හිමිවේ.

 

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

ඩිෆෙන්ඩර්ස් - පාරෝ තරගය තරගය සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.