Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඩිෆෙන්ඩර්ස් - පෙලිකන්ස් තරගය සම වෙයි

ඩිෆෙන්ඩර්ස් - පෙලිකන්ස් තරගය සම වෙයි

Nisanka Sandeepani - 2019 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය සහ පෙලිකන්ස් ක්‍රීඩා සමාජය අතර කැලණිය පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 1-1 ක් ලෙස සම තත්වයට පත් විය. 

එහිදී ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය වෙනුවෙන් ජෙසුරාජ් බර්නාඞ් 44 වැනි මිනිත්තුවේදීද, පෙලිකන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් සී. ගොඞ්ෆෙඞ් 66 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ. 

මෙම තරගයේදී ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජයේ බණ්ඩාර වරකාගොඩ, අසිකුර් රහුමාන් සහ එම්.එන්.ජේ. ප්‍රනාන්දුද, පෙලිකන්ස් ක්‍රීඩා සමාජයේ සී. ගොඞ්ෆෙඞ්ද කහ කාඞ්පත් ලැබූහ. 

-036 


අදහස් (0)

ඩිෆෙන්ඩර්ස් - පෙලිකන්ස් තරගය සම වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.