Last Update  :  2024-03-28 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ජාවා ලේන් ගෝල 3-1 කින් පෙලිකන්ස් පරදවයි

ජාවා ලේන් ගෝල 3-1 කින් පෙලිකන්ස් පරදවයි

ශනුක අරවින්ද - 2019 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී පෙලිකන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව සිටි පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 3-1 ක් ලෙස ජය ගැනීමට ජාවා ලේන් ක්‍රීඩා සමාජය සමත් විය.

එම තරගයේදී නවීන් ජූඞ් 11 වැනි මිනිත්තුවේදීද, මොහොමඞ් සෆ්රාන් 21 වැනි මිනිත්තුවේදීද, මාලක පෙරේරා 32 වැනි මිනිත්තුවේදීද ජාවා ලේන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝල ලබාගත්හ.

ජාවා ලේන් ක්‍රීඩා සමාජයේ එම්.එම්. ශහීඞ් 60 වැනි මිනිත්තුවේදී තම දැල වෙතටම පන්දුව යොමු කිරීම නිසා පෙලිකන්ස් ක්‍රීඩා සමාජයට හිමිවූ ඕන් ගෝලය ඔවුන් සතුවූ එකම ගෝලය විය.

මෙම තරගයේදී ජාවා ලේන් ක්‍රීඩා සමාජයේ රෙවින් කුමාර් කහ කාඞ්පතක් ලැබීය.

-036

 


අදහස් (0)

ජාවා ලේන් ගෝල 3-1 කින් පෙලිකන්ස් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.