Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කුරේ ක්‍රීඩා සමාජය දොන් බොස්කෝ පරදවයි

කුරේ ක්‍රීඩා සමාජය දොන් බොස්කෝ පරදවයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ප්‍රීමියර් ලීග් පාපන්දු තරගාවලියේදී දොන් බොස්කෝ සමාජයට එරෙහිව මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 5-1 ක් ලෙස ජය ගැනීමට කුරේ ක්‍රීඩා සමාජය සමත් විය.

එහිදී කුරේ ක්‍රීඩා සමාජය වෙනුවෙන් 42 වැනි, 57 වැනි, 72 වැනි, 80 වැනි සහ 81 වැනි මිනිත්තුවලදී ගෝල 5 ක් වාර්තා කිරීමට කේ. අර්සාන් සමත් විය. දොන් බොස්කෝ ක්‍රීඩා සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට ඩබ්ලිව්. ප්‍රවීන් සමත් වූයේ 49 වැනි මිනිත්තුවේදීය.

මෙම තරගයේදී කුරේ ක්‍රීඩා සමාජයේ එම්.එම්. බි්‍රජස් සහ එම්.ඩී.එම්. ඉතාම්ද, දොන් බොස්කෝ ක්‍රීඩා සමාජයේ ඩබ්ලිව්.ආර්.එස්. ප්‍රනාන්දුද කහ කාඞ්පත් ලැබූහ.


-036

 


අදහස් (0)

කුරේ ක්‍රීඩා සමාජය දොන් බොස්කෝ පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.