Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ක්‍රීඩකයන් 8 කට කොරෝනා - තරගය අත්හිටුවයි

ක්‍රීඩකයන් 8 කට කොරෝනා - තරගය අත්හිටුවයි

editorial - 2021 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(නාමල් පතිරගේ)

ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවේ දී දෙපිලේම ක්‍රීඩකයන් හා නිලධාරීන් පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරැවීම නිසා යුද හමුදා (ඩිෆෙන්ඩර්ස්) කණ්ඩායම හා නාවලපිටිය අප්කන්ට්‍රි කණ්ඩායම අතර ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කෙරිණ. මෙම තරගය ඉරිදා (2 වැනිදා) කොළඹ සුගතද‌ාස පිටියේ දී පැවැත්වීමට සූද‌ානම් කර තිබිණ.

ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවේ දී දෙපිලේ ක්‍රීඩකයන් අටදෙනෙකු හා නිලධාරින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට තහවුරැ වී තිබේ. සුපර් ලීග් පාපන්දු තරගාවලියේ දී ක්‍රීඩකයන් හා නිලධාරින් කොවිඩ් ආසාදිතයන් බවට හෙළිකර ගැනීමෙන් පසුව අත්හිටු වූ දෙවැනි තරගය මෙයයි. පළමු අවස්ථාව තරගාවලියේ පෙර පුහුණු වටයේ තරගයක දී වාර්තා වූවකි.

ශ්‍රී ලංකා සුපර්ලීග් පාපන්දු තරගාවලියේ සෑම තරගයක් ආරම්භයට පෙර දෙපිලේ ක්‍රීඩකයන්, පුහුණුකරැවන්, නිලධාරින් හා විනිසුරැවන්ගේ කොවිඩ්-19 වයිරසය සඳහා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවක් සිදු කෙරේ.

පසුගිය සති අන්තයේ දී පැවති තරග අතරින් බේරැවල රෙඩ්ස්ටාර් කණ්ඩායම වෙතින් ගුවන් හමුද‌ා බ්ලූ ඊගල්ස් කණ්ඩායම දැඩි ප්‍රහාරයකට ලක්වීය. එහිදී ගෝල 6-0 ක දරැණු පරාජයකට මුහුණදීමට බ්ලූ ඊගල්ස් කණ්ඩායමට සිදු විය. එය මෙතෙක් තරගාවලියේ දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ජයග්‍රහණය වේ. තරග 10ක් අවසානයේ දී ප්‍රසාද ලකුණු අනුව තෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටි රෙඩ් ස්ටාර් පිල ඉහත තරගයක දී කළුතර බ්ලූ ස්ටාර් කණ්ඩායම ගෝල 4-0 කින් පරාජය කිරීමට ද සමත්විය.

ඒ අනුව ‘බ්ලූ ඊගල්ස්’ කණ්ඩායමට එල්ල කළ ප්‍රහාරයත් සමග ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්තේ ලකුණු 7 ක් රුස්කර ගනිමිනි. එතෙක් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි සීහෝක්ස් හෙවත් නාවික හමුද‌ා කණ්ඩායම ඒ වන විට ප්‍රසාද ලකුණු 6 ක් ලබා තිබුණි.

කණ්ඩායම් 10 ක් සීමාසහිත සමාගම් ලෙස ලියාපදිංචි කරමින් ආරම්භ කළ සුපර් ලීග් පාපන්දු තරගාවලිය සියලු ප්‍රතිවාදීන් එකිනෙකා මුණගැසෙන තරග 90 කින් සමන්විතය. එය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු අර්ධ වෘත්තීය පාපන්දු තරගාවලිය ලෙස සැලකේ.

සහභාගිත්වයට ඉහළ ගෙවීම් ලැබෙන තරගාවලියේ ජයග්‍රාහකයාට රැපියල් මිලියන පහක ත්‍යාග මුදලක් ද හිමිවන අතර සුපර් ලීග් තරගාවලියේ මුළු ත්‍යාග මුදල පමණක් රැපියල් කෝටි දෙකකට ආසන්න වේ. කෙසේ වුවත් සිය කණ්ඩායමට එරෙහිව කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායම ගෝල 4-0 කින් වාර්තා කළ ජයග්‍රහණයේ දී විනිසුරැවන්ගේ තීරණ කිපයකින් තමන්ට අවාසියක් වූ බව දක්වමින් වෙන්නප්පුව ‘‘නිව් යංග්ස්’’ ක්‍රීඩා සමාජය විරෝධතාවක් ඉදිරිපත් කළේය.

තරගාවලියේ පළමු අදියරේ තරග 14 ක් පැවැත්වීමෙන් පසුව එය ලබන ජූලි 2 වැනිද‌ා දක්වා අත්හිටුවීමට පියවර ගෙන තිබේ. එය තරගාවලියේ නිල කාලසටහනට අනුව සිදුවන්නකි.

 

සති අන්තයේ දී පැවති තරග ප්‍රතිඵල

·       කළුතර බ්ලූ ස්ටාර්ස් පිල විසින් රත්නම් පිල පරාජය කරන ලදී (3-0)

·       බේරැවල රෙඩ්ස්ටාර් පිල විසින් ගුවන් හමුදා – බ්ලූ ඊගල්ස් පිල පරාජය කරන ලදී (6-0)

·       කොළඹ පිල විසින් රිනවුන් පිල පරාජය කරන ලදී (2-1)

·       යුද හමුද‌ා (ඩිෆෙන්ඩර්ස්) පිල හා නාවලපිටිය අප්කන්ට්‍රි පිල අතර  තරගය අත්හිටුවනු ලැබීය.

 

 


අදහස් (0)

ක්‍රීඩකයන් 8 කට කොරෝනා - තරගය අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.