Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football 1966 එංගලන්ත ලෝක ශූරයා - ජැක් චාල්ටන් සමුගනී

1966 එංගලන්ත ලෝක ශූරයා - ජැක් චාල්ටන් සමුගනී

editorial - 2020 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාපන්දු ලෝක කුසලානය 1966 දී එංගලන්තයට දිනා දුන් වීරයා මෙන්ම ලීඩ්ස් යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ සදාතනික වීරයකු වන ජැක් චාල්ටන් වයස අවුරුදු 85 දී අභාවප්‍රාප්ත විය. ඔහු දිගු කලක් තිස්සේ රෝගීවී සිටියේය.

60 දශකයේදී එංගලන්ත පාපන්දු පිටියේ බැබළුන තරුවක් වූ බොබී චාල්ටන්ගේ වැඩිමහල් සහෝදරයාද වන ජැක් වසර 23 ක් ලීඩ්ස් යුනයිටඩ් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ අතර පාපන්දු තරග 773 ක් සඳහා ක්‍රීඩා කරමින් ගෝල 96 ක් ලබාගත්තේය. ජැක් එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ අන්තර්ජාතික තරග සංඛ්‍යාව 35 කි.

වර්ෂ 1935 මැයි 8 වැනිදා අෂින්ටන් හිදී උපත ලද ජැක් චාල්ටන්ගේ ක්‍රීඩා දිවිය 1952 සිට 1973 දක්වා පැවැතිණ. එංගලන්තයේ ලීඩ්ස් යුනයිටඩ් කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩකයකුව සිටි ජැක් සිය ක්‍රීඩා දිවියෙන් පසුව එංගලන්තයේ මිඩ්ල්ස්බරෝ, ෂෙෆීල්ඩ්, නිව්කාසල් යුනයිටඩ් සහ අයර්ලන්ත ජාතික කණ්ඩායම් වල කළමණාකරු වශයෙන්ද කටයුතු කළේය.

ජැක් චාල්ටන්ගේ ගුරුහරුකම් ඇතිව තරග කළ අයර්ලන්තය1988 යුරෝපීය ශූරතාවලියේදී පළමු වරට අවසන් මහ තරගයට ක්‍රීඩා කළේය. පසුව අයර්ලන්තය 1990 දී ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටය දක්වා කැඳවාගෙන ගිය ජැක් චාල්ටන් එනිසාම අයර්ලන්ත පාපන්දු ක්‍රීඩාවේ අසම සම වීරයෙක් විය.

1966 දී ලෝක පාපන්දු කුසලාන දිනාගත් එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් අතුරින් දිවියෙන් සමුගත් හයවැන්නා ජැක්ය. නායක බොබී මුවර්, මාටින් පීටර්ස්, ගෝර්ඩන් බෑන්ක්ස්, ඇලන් බෝල් සහ රේ විල්සන් ජැක්ට පෙර අවසන් හුස්ම හෙළූහ.

ජැක් 1973 දී පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමට පෙර,  පාපන්දු ලේඛකයන්ගේ සංගමය විසින් 1967 දී වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙසින්ද සම්මානයට පාත්‍ර විය.

"ජැක් චාල්ටන් මහතා බොහෝ දෙනෙකුට මිතුරෙකු මෙන්ම අපට ආදරණීය ස්වාමිපුරුෂයෙක්, පියෙක් සහ සීයා කෙනෙක්ද වුණා" යයි සිය ජ්‍යෙෂ්ඨ සාමාජිකයාගේ අභාවය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් චාල්ටන් පවුල පැවසීය.
 
“ඔහු ගෙන ගිය අසාමාන්‍ය ජීවිතය ගැනත්, විවිධ රටවල සහ සෑම තරාතිරමකම පාපන්දු ලෝලීන් වෙත ඔහු ගෙන ආ සතුට ගැනත් අපට කොතරම් ආඩම්බර විය හැකිද යන්න අපට ප්‍රකාශ කළ නොහැකිය.“ යයිද එම නිවේදනයේ සටහන් වී තිබිණ.

- 213

 


අදහස් (0)

1966 එංගලන්ත ලෝක ශූරයා - ජැක් චාල්ටන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.