Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකා - ලාඕස තරගය සමවෙයි

ශ්‍රී ලංකා - ලාඕස තරගය සමවෙයි

නාමල් පතිරගේ - 2019 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව හා ලාඕසය අතර ඊයේ (31) පැවැති සුහද ජාත්‍යන්තර පාපන්දු තරගය ගෝල 2-2ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය. තරගයේ නියමිත කාලය නිමාව දක්වා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල  2-1 ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. එහෙත් විනිසුරුවරයා  ප්‍රදානය කළ අතිරේක විනාඩි  හතර ගෙවීමට මත්තෙන් ලාඕසය සිය දෙවැනි ගෝලය වාර්තා කරමින් තරගය සම තත්ත්වයෙන් අවසන් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව මෙම තරගයේ 50 වැනි විනාඩියේ දී  ගෝල 1-0 ක් ලෙස පෙරමුණට පැමිණියේ ප්‍රතිවාදි ලාඕස ක්‍රීඩකයෙකු විසින්ම ඔවුන්ගේ දැල තුළට පන්දුව යැවීම (ඕන් ගෝල්) පහරක් මගිනි.

ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයෙකු 83 වැනි විනාඩියේදී රතු කාඞ්පත පෙන්වා විනිසුරුවරයා විසින් පිටියෙන් පිටමං කරන ලද අතර තරගය පුරාම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හත් දෙනෙක් විනිසුරුවරයාගේ කහ කාඞ් පතින්  අවවාද ලැබූහ.

තරගයේ 69 වැනි විනාඩියේ මොහොමඞ් ෆසාල් අකිබ් ශ්‍රී ලංකාවට තීරණාත්මක දෙවැනි ගෝලය ලබා දුන්නේය. එහෙත් විනිසුරුවෙතින් රතු කාඞ් පත (දෙවතාවක්ම කහ කාඞ්පත ලැබිම නිසා) ලබා පිටියෙන් පිටමං විමට සිදුවුයේද ඔහුටය.

18 හැවිරදි ඔහු දෙරට අතර පැවැති පළමු තරගයේදිද ශ්‍රී ලංකාවට ගෝලයක් වාර්තාකර දුන් ක්‍රිඩකයාය. වසර 2003න් පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරගයක දී ලාඕසය පරාජයට පත්කිරීමට සමත්ව නැත.

 


අදහස් (0)

ශ්‍රී ලංකා - ලාඕස තරගය සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.