Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකාවට ගෝල 2-0 ක පරාජයක්

ශ්‍රී ලංකාවට ගෝල 2-0 ක පරාජයක්

නාමල් පතිරගේ - 2019 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණ පිටියේදී ඊයේ (5) රාත්‍රියේදී නිමාවට පත්වූ ලෝක කුසලාන (2022-කටාර්) පාපන්දු ආසියානු කලාප දෙවැනි වටයේ තරගයකදී ශ්‍රී ලංකාව ගෝල 2-0කින් පරාජයට පත් කිරීමට තුර්ක්මෙනිස්ථානය සමත් විය.

තරගය ආරම්භවී අටවැනි විනාඩියේදී ඉදිරි පෙළ ක්‍රීඩක ඔරාසහෙදෙව් තුර්ක්මෙනිස්ථානය කණ්ඩායමට පළමු ගෝලය ලබා දුන්නේය. 27 හැවිරිදි ඔහු ඒ රැස් කළේ සිය ජාත්‍යන්තර තරග දිවියේ සිවුවැනි ගෝලයයි. ඒ තරග හතකදීය.
 
තුර්ක්මෙනිස්ථාන නායක අමනොව් අස්ලාන් 53 වැනි විනාඩියේදී ක්‍රියාත්මක වෙමින් දැල ආසන්නයේ ප්‍රදානය වුණු නිදහස් පහරක් ඔස්සේ දැළ තුළට පන්දුව යොමු කිරීමෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට සමත්විය.
ඔහු එම කණ්ඩායමේ අත්දැකීම් පිරිපුන් ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයකු වන අතර ඔහු මේ දක්වා තරග 39 කදී ගෝල 10 ක් වාර්තා කළ ක්‍රීඩකයෙකි. ජාත්‍යන්තර තරග පිටියේදී තුර්ක්මෙනිස්ථානය මුණ ගැසුණ කිසි අවස්ථාවකදී ශ්‍රී ලංකාව ජයක් වාර්තා කර නැති නමුදු අවසන් වරට මුණ ගැසුණු 2004 වසරේ ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරග වටයේ එක් තරගයකදී ගෝල 2-2ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර තිබේ.

ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගිවන දෙවැනි තරගය ලබන අඟහරුවාදා (10) කොළඹ රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණ පිටියේදී උතුරු කොරියාවට එරෙහිව පැවැත්වේ.

 උතුරු කොරියාව සහ ශ්‍රී ලංකාවට අවසන් වරට මුණ ගැසුණු ජාත්‍යන්තර පාපන්දු තරගයේදී (ආසියානු කුසලාන සුදුසුකම් තේරීම - 2011) ශ්‍රී ලංකාව ගෝල 2-0 කින් පරාජයට පත්ව තිබේ.

ජායාරූප -  ශාන්ත රත්නායක


අදහස් (0)

ශ්‍රී ලංකාවට ගෝල 2-0 ක පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.