Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ලෙබනනයට ගෝල 3-0 ක ජයක්

ලෙබනනයට ගෝල 3-0 ක ජයක්

නාමල් පතිරගේ - 2019 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රීඞ් මාවත නව ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති ලෝක කුසලාන පාපන්දු ආසියානු කලාප දෙවැනි වටයේ තරගයකදී ශ්‍රී ලංකාව ලෙබනනය හමුවේ ගෝල 3-0 කින් පරාජයට පත්විය. මෙම තරගය ඊයේ (15 වැනිදා) කොළඹ රීඞ් මාවත ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

මෙම තරගයේ ගෝල දෙකක්ම ඔවුන්ගේ වාර්තා වූයේ දඬුවම් පහර මගිනි. වර්ෂාව මැද තරගය ආරම්භ වූ අතර 15 වැනි විනාඩියේදී දඬුවම් පහරක් කෙළින්ම දැල තුළට යොමු කරමින් පළමු ගෝලය ලබා ගත්තේ ලෙබනන් නායක හසන් මටුක් විසිනි.

38 වැනි විනාඩියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ විනය විරෝධී හැසිරීමක් හේතුවෙන් බහරේන් ජාතික විනිසුරු අමර් ඉබ්‍රහිම් හසන් ප්‍රදානය කළ දඬුවම් පහර ගෝලයක් බවට පත් කළේ හිලාල් ඇල්හෙල්වේ විසිනි.

ඒ අනුව පළමු භාගයේදීම ලෙබනන් කණ්ඩායම හමුවේ දඬුවම් විඳි ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තෙවැනි අවසන් ගෝලය ඇල්හේලවේ විසින්ම රැස් කිරීමට සමත්විය. එය ඔහුගේ අටවැනි ජාත්‍යන්තර තරග ගෝලය විය.

සමස්තයක් ලෙස ඊයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් වඩාත් අගයක් ගත් බව පුහුණුකරු රූමි පකීර් අලි මහතා තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය. ශ්‍රී ලංකාව පසුගිය බ්‍රහස්පතින්දා (10) දකුණු කොරියාවේදී මුහුණ දුන් තරගයකදී ඔවුන්ට පරාජය වූයේ ගෝල 8-0 කටය.

ඒ අනුව ඊයේ තරගයත් සමග ශ්‍රී ලංකාව ලෝක කුසලාන පාපන්දු ආසියානු කලාප දෙවැනි වටයේ මෙතෙක් මුහුණ දුන් තරග හතරෙන්ම පරාජයට පත්ව සිටියි. එහි තවත් තරගයකට ශ්‍රී ලංකාව ලබන නොවැම්බර් 19 වැනිදා තර්ක්මෙනිස්ථානයට එරෙහිව ‘ඇස්ගාබට්’ නුවරදී තරග වැදීමට නියමිතය.

 

+

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (0)

ලෙබනනයට ගෝල 3-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.