Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football රොනාල්ඩෝ ලෝක වාර්තාව හඹා යයි

රොනාල්ඩෝ ලෝක වාර්තාව හඹා යයි

editorial - 2019 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩාවේදී තනි ක්‍රීඩකයකු විසින් ලබාගත් වැඩිම ගෝල සංඛ්‍යාවේ ලෝක වාර්තාව හඹා යන බව පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියයි. ඉරිදා පැවැති යුරෝ 2020 සුදුසුකම් තේරීමේ තරගාවලියේදී ලක්සම්බර්ග් පිලට එරෙහිව ගෝල 2-0 ක ජයක් වාර්තා කිරීමෙන් පසුව රොනාල්ඩෝ එසේ පැවසීය.

මෙම තරගයේදී සිය 99 වැනි ගෝලය ලබාගත් රොනාල්ඩෝ ලෝක වාර්තාව හිමි ඉරාන ජාතික අලි දයී ට වඩා ගෝල 10 ක් පසුපසින් සිටී. අලී දයී විසින් ඉරානය වෙනුවෙන් ලබාගන්නා ලද ගෝල සංඛ්‍යාව 109 කි.
රොනාල්ඩෝ මෙවර තරගවාරයේදී පෘතුගාලය වෙනුවෙන් ගෝල 14 ක් ලබාගත්තේය.

“හැම වාර්තාවක්ම තියෙන්නේ බිඳ දාන්න තමයි. මම ඔය වාර්තාව බිඳලා දානවා” යයි රොනාල්ඩෝ පැවසීය.

කෙසේ වෙතත් තමන්ගේ 100 වැනි ගෝලය ලබාගනිමින් අන්තර්ජාතික පාපන්දු තරග වලදී ගෝල 100 ක් ලබාගත් දෙවැනි ක්‍රීඩකයා වීමට නම් ලබන වසරේ මාර්තු මාසය දක්වා බලා සිටීමට රොනාල්ඩෝට සිදුවෙයි.
රොනාල්ඩෝ පසුගියදා ලිතුවේනියානු පිලට එරෙහිව සිය 9 වැනි ගෝල ත්‍රිත්වය වාර්තා කළේය. ඔහුගේ ගෝල ත්‍රිත්වයන් 9 න් 7 ක්ම වාර්තා කර ඇත්තේ වයස 30 ඉක්මවූ පසුවය.

අන්තර් සමාජ පාපන්දු තරගාවලියේදී ජුවෙන්ට්ස් පිල නියෝජනය කරන රොනාල්ඩෝ මේ දිනවල පූර්ණ සුවයෙන් පසු නොවෙයි. ජුවෙන්ට්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ තරග දෙකකදීම ඔහු වෙනුවෙන් ආදේශක ක්‍රීඩකයන් යෙදවීමට සිදුවිය.

“මම පසුගිය දින කිහිපයේදීම සම්පූර්ණ සුවයෙන් සිටියේ නෑ. තවමත් නෑ. ඒත් මගේ ක්‍රීඩා සමාජය හෝ රට වෙනුවෙන් යමක් කරන්න තියෙනවා නම් මම ඒ දේ කරන්නේ මහත් අඩම්බරයෙන්” යයි ද රොනාල්ඩෝ පැවසීය.

ලබන වසරේදී පැවැත්වීමට නියමිත යුරෝ 2020 තරගවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා ලක්සම්බර්ග් පිල පරාජය කිරීමට පෘතුගාල පිලට අවශ්‍යව තිබිණ. රොනාල්ඩෝගේ ගෝලය නිසා කිසිම අපහසුවකින් තොරවම ලක්සම්බර්ග් පිල පරාජය කරමින් යුරෝ 2020 තරගාවලියේ තමන්ගේ ස්ථානය වෙන්කර ගැනීමට පෘතුගාලය සමත් වූයේය.

..


අදහස් (0)

රොනාල්ඩෝ ලෝක වාර්තාව හඹා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.