Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football අප්කන්ට්‍රි ලයන්ස්ට ගෝල 4-2 ක ජයක්

අප්කන්ට්‍රි ලයන්ස්ට ගෝල 4-2 ක ජයක්

editorial - 2021 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන සුපර් ලීග් පාපන්දු තරග මාලාවේ පෙරහුරු වටයේදී සී හෝක්ස් (නාවික හමුදාව) ගෝල 4-2 ක් ලෙසින් පරාජය කිරිමට අප්කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කවි ඳු ඉෂාන් ගෝල තරගයේ 25 වැනි විනාඩියේදී පළමු ගෝලය ලබාගත්තේය. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවේදී අප්කන්ට්‍රි ලයන්ස් පිල ගෝල 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.

දෙවැනි අර්ධය ආරම්භ වීමත් සමගින් සී හෝක්ස් පිලේ එම්. කනෙෂිරෝ ලබාගත් ගෝලය හේතුවෙන් තරගය 1-1 ක් ලෙසින් සමවූ නමුත් එම තත්ත්වය පැවැතියේ තවත් විනාඩියක් පමණි. 58 වැනි විනාඩියේදී අප්කන්ට්‍රි ලයන්ස් පිල වෙනුවෙන් ඒ. සී. වික්‍රමසිංහ ගෝලයක් ලබාගත් හෙයින් 2-1 ක් ලෙසින් කඳුරට පිල ඉදිරියට ගියේය.

තරගයේ 82 වැනි විනාඩියේදී ධනුෂ්ක මධුශංක ලබාගත් ගෝලයත් සමගින් නැවත වරක් තරගය සමකිරීමට සී හෝක්ස් පිල සමත් වූයේය.  එහෙත් විනාඩි 3 කට පසුව අප්කන්ට්‍රි ලයන්ස් පිලේ එම්. නිදර්ශන් ගෝලයක් ලබාගනිමින් නැවත වරක් 3-2 ක් ලෙසින් තම පිල ඉදිරියට කැඳවාගෙන ආවේය.

අතිරේක කාලයේදී කවිඳු ඊෂාන් ලබාගත් දෙවැනි ගෝලය හේතුවෙන් කිසිදු අපහසුතාවකින් තොරවම සී හෝක්ස් පිල පරදවා 4-2 ක ජයක් ලබාගැනීමට අප්කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ 40 වැනි විනාඩියේදී සුජාන් පෙරේරාට කහ කාඩ්පත පෙන්වා විනිසුරුවරයා අවවාද කළේය.


 

- 213


අදහස් (0)

අප්කන්ට්‍රි ලයන්ස්ට ගෝල 4-2 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.