Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මෙසී බාර්සිලෝනා පිල හැරදමා යන්න සැරසෙයි

මෙසී බාර්සිලෝනා පිල හැරදමා යන්න සැරසෙයි

editorial - 2020 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තමා වෘත්තීය වශයෙන් ක්‍රීඩා කර ඇති එකම ක්‍රීඩා සමාජය වන බාර්සිලෝනා කණ්ඩායමෙන් ඉවත් වීමට අවශ්‍ය බව ලයනල් මෙසී කියයි.

ස්පාඤ්ඤයේ බාර්සිලෝනා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ආර්ජන්ටිනාවේ පාපන්දු නායකයා පාපන්දු ලෝකයම මහත් කම්පනයට පත් කරමින් පසුගියදා කියා සිටියේ තමන් බාර්සිලෝනා ක්‍රීඩා සමාජය හැරයන බවයි.

මෙසීගේ මෙම ප්‍රකාශයෙන් දින කිහිපයකට පසුව පැවැති බාර්සිලෝනා හි පළමු පුහුණු සැසියටද ඔහු සහභාගි නොවීය.

මේ වන විට 33 හැවිරිදි වියේ පසුවන මෙසී පසුගිය ඉරිදා පැවැති වෛද්‍ය පරීක්ෂණයටද පෙනී නොසිටියේය. එය බාර්සිලෝනා පිලේ නව පුහුණුකරුවා වන  රොනල්ඩ් කොමන් යටතේ පැවැති පළමු සැසියයි.  පස්වරු 5.30 ට පමණ ආරම්භ වූ පුහුණු සැසිය සඳහා සෙසු ක්‍රීඩකයින් පැමිණෙන බව රොයිටර් රූපවාහිනී දර්ශනවලින් දැකගත හැකිවූ නමුත් ඔවුන් අතර මෙසී පෙනෙන්නට සිටියේ නැත.

හය වතාවක් ලෝකයේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා වූ මෙසී කියා සිටින්නේ තම කොන්ත්‍රාත්තුවේ විශේෂ වගන්තියක් ඇති බවත් එමගින් ඔහුට නොමිලේම මාරුවීමක් ලබා ගැනීමට ඉඩ දෙන බවත්ය. එහෙත් මෙසීගේ එම ප්‍රකාශය සමග බාසිලෝනා පාපන්දු සමාජය මෙන්ම ස්පාඤ්ඤයේ ලා-ලිගා පාපන්දු සංවිධාකයයෝ එකඟ නොවෙති.

මෙසීගේ නීතිඥවරු, 2017 දී අත්සන් කරන ලද ඔහුගේ සිව් අවුරුදු කොන්ත්‍රාත්තුවේ වගන්තියක් සම්බන්ධයෙන් වාද කරමින් සිටිති. එයින් කියැවෙන්නේ ජුනි 10 වැනිදා වන විට ඔහු ඉල්ලා සිටියේ නම් නොමිලේ ම බාර්සිලෝනා ක්‍රීඩා සමාජයෙන් ඉවත් වීමට මෙසීට අවසර ලැබෙන බවයි.

කොරෝනා වෛරස් වසංගතය නිසා ලා ලිගා පාපන්දු තරග සමය අගෝස්තු දක්වා දීර්ඝ කිරීමට සිදුවිය. එබැවින් එම දිනය  (නාමිකව මෙම තරගවාරයේ අවසානය) මෙසීගේ ඉල්ලීමට අදාල නොවේ යැයි ඔවුහු තර්ක කරති.

කෙසේ වෙතත්, ලා ලිගා පාපන්දු සංවිධායකයන් කියා සිටියේ ආර්ජන්ටිනාවේ ඉදිරිපෙළ ක්‍රීඩකයා වෙනත් ක්‍රීඩා සමාජයකට අවශ්‍ය නම් ඒ සඳහා තිබෙන එකම ක්‍රමය ඔහු යූරෝ මිලියන 700 ක් (ඩොලර් මිලියන 836 ක්) නිදහස් කිරීමේ වගන්තියක් අත්සන් කරන්නේ නම් පමණක් බවයි.

චැම්පියන්ස් ලීග් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී බයර්න් මියුනිච්ට පිල හමුවේ ලබාගත්  ගෝල 8-2 ක් අන්ත පරාජයට පසුව මෙසී බාර්සිලෝනා පිල හැරයාමේ තීරණයට එළඹුණි. පසුගිය තරග වාරයේදී කිසිදු කුසලානයක් දිනා ගැනීමටද බාර්සිලෝනා පිල අසමත් විය‍

- 213

 


අදහස් (0)

මෙසී බාර්සිලෝනා පිල හැරදමා යන්න සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.