Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මැරඩෝනා සමුගනී

මැරඩෝනා සමුගනී

editorial - 2020 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ආජන්ටිනාවේ හිටපු පාපන්දු ක්‍රීඩක ඩියෙගෝ මැරඩෝනා, මොළයේ රුධිර කැටි ගැසීමක් සඳහා සැත්කමක් කර සති දෙකකට පසුව හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (25) සිය නිවසේදී  ගියේය. මිය යන විට ඔහු 60 වැනි වියේ පසුවිය.

පාපන්දු පිටියේ සිටි ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ඔහු, මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලට ඇබ්බැහි වීම හේතුවෙන් ක්‍රීඩාවෙන් පිටත ජීවිතයේදීද දැඩි ලෙස කතාබහට ලක්වූ පුද්ගලයකු විය.

වස‍ර 1986 දී පාපන්දු ලෝක කුසලාන දිනා ගැනීම සඳහා ආජන්ටිනා කණ්ඩායම මෙහෙය වූ හෙතෙම, එහි තරගයකදී එංගලන්ත කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කරමින් ‘දෙවියන්ගේ හස්තය’ නමින් ලොව ප්‍රචලිත ගෝලය වාර්තා කළේය.

ඉතාලි ක්‍රීඩා සමාජයක් වන නැපෝලි කණ්ඩ‍ායම සමඟ එක්ව ලීග තරගාවලි සඳහා සහභාගි වූ මැරඩෝනා, 1987 සහ 1990 වසරවලදී සෙරී ඒ ලීග ශූරතාවද, 1987 වසරේදී ඉතාලි කුසලානයද, 1991 වසරේදී යූෆා කුසලානයද දිනා ගැනීමට සමත් විය.

කෙසේ වුවත් එම කාල වකවානුව තුළ ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අතර ඒ හේතුවෙන් ක්‍රීඩා සමාජයෙන් ඉවත් වූ 1991 වසරේදී ඔහුට එරෙහිව මාස 15 ක තරග තහනමක්ද පැනවිණ. වසර 1994 දී ඇමරිකාවේ පැවති ලෝක කුසලාන තරගාවලියකදී ඔහු මත්ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ෂණයකින් අසමත් වූ අතර 1999 සහ 2000 යන වසරවලදී හෘදයාබාධ හේතුවෙන් රෝහල් ගත කරනු ලැබීය.

මොළයේ සැත්කමක් සඳහා රෝහල්ගත කර දින අටක් වැනි කෙටි කාලයක් තුළ මැරඩෝනා, රෝහලෙන් පිටව ගියේය. සැත්කමෙන් අනතුරුව (නොවැම්බර් මස 11 වැනිදා පස්වරු 6 ට පමණ) මැරඩෝනා සිය පෞද්ගලික සායනයෙන් ඉවතට ගෙන ගිය මොහොතේදී රසිකයන් සිය ගණනක් ඔහුගේ ඡායාරූප ගැනීමට උත්සාහ කළහ.

එක්සත් රාජධානියේ වේලාවෙන් බදාදා පස්වරුවේදී ආර්ජන්ටිනාවේ ‘ක්ලැරින්’ පුවත්පත වාර්තා කළ  මැරඩෝනාගේ අභාවය පිළිබඳ පුවත ලොව පුරා මහත් බලපෑමක් ඇති කළේය. මැරඩෝනාගේ නීතීඥවරයා මෙම කනගාටුදායක පුවත සනාථ කළ අතර ඒ සමගම ලොව පුරා පාපන්දු ක්‍රීඩා ලෝලීන් ඔහු වෙනුවෙන් ශෝකය පළ කළේය.

 

- 036


අදහස් (0)

මැරඩෝනා සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.