Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football බාර්සිලෝනා පිල එක්ක නවතින්න මෙසී තීරණය කරයි

බාර්සිලෝනා පිල එක්ක නවතින්න මෙසී තීරණය කරයි

editorial - 2020 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



බාර්සිලෝනා කණ්ඩායමෙන් ඉවත් වීමට ලයනල් මෙසී බලාපොරොත්තුවෙන් සිටියද එය යථාර්ථයක් කළ හැකි මූල්‍ය පසුබිමක් හෝ ගිවිසුමේ කොන්දේසි වලින් ලිහිළක් අපේක්ෂා කළ නොහැකි බැවින් තවදුරටත් බාර්සිලෝනා කණ්ඩායම සමගම රැඳී සිටීමට ආර්ජන්ටිනා පාපන්දු නායකයා තීරණය කර තිබේ.

චැම්පියන්ස් ලීග් අර්ධ අවසන් පූර්ව වටයේදී බයර්න් මියුනිච් පිල හමුවේ ගෝල 8-2 ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව මහත් කණස්සල්ලට පත්  ආර්ජන්ටිනාවේ සුපිරි තරුව බාර්සිලෝනා කණ්ඩායම හැරයන බව කියමින් පාපන්දු ලෝකයම මහත් කම්පනයට පත්කළේය.

මෙවර පාපන්දු වාරය අවසානයේදී තමන්ගේ කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට ඉඩ සලසන වගන්තියක් ක්‍රියාත්මක කිරීමෙන් පසු ඔහුට නොමිලේ මාරුවීමක් ලබා දිය හැකි බව මෙසී විශ්වාස කළේය. ඒ අතරවාරයේදී එංගලන්තයේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායම මෙසීගේ අත්සන සඳහා වඩාත්ම කැමති කණ්ඩායම වශයෙන් ඉදිරිපත් විය.

කෙසේ වෙතත්, ලලිගා සංවිධාකයයෝ ඊට විරුද්ධත්වය ප්‍රකාශ කළ අතර ඕනෑම කණ්ඩායමකට මෙසී ලබාගැනීමට අවශ්‍ය නම් යුරෝ මිලියන 700 ක නිදහස් කිරීමේ ගාස්තුව ගෙවීමට සිදුවනු ඇතැයි අවධාරනය කළහ.

මෙම ප්‍රශ්නය විසඳාගැනීම සඳහා මෙසීගේ පියා මෙන්ම නියෝජතයාද වන ජෝර්ජ් මෙසී පසුගිය බදාදා බාර්සිලෝනා පිලේ සභාපති ජොසෙප් මාරියා බාර්ටෝමියු හමුවී සාකච්ඡා කළේය. එහෙත් හය වතාවක් බැලන්‘ඩි ඕර් (වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා) සම්මානය දිනාගත් ක්‍රීඩකයාගේ අනාගතය ගැන සාකච්ඡා අවසන් වූයේ බාර්සිලෝනා පිලට වාසි වන අන්දමිනි.

කෙසේ වෙතත්, මෙසීට මාරුවීමක් අවශ්‍ය නම් ඒ සඳහා සිවිල්  නඩුවක් ආරම්භ කිරීමට හැකි යයිද වාර්තා පළ විය.  එහිදී මාරු කිරීමේ ගනුදෙනුවක් සඳහා ඉඩක් තිබිය හැකි නමුත් මෙම මාරු කිරීමේ ගනුදෙනුව නිදහස් කිරීමේ මුදලට වඩා සැලකිය යුතු මට්ටමකින් අඩු එකක් වනු ඇත.

- 213

 


අදහස් (0)

බාර්සිලෝනා පිල එක්ක නවතින්න මෙසී තීරණය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.