Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට තුළ ඇති වූ තත්ත්වයන් මුල්කර ගනිමින් ලද පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරින් පිරිසකගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කළේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් පාපන්දු සම්මේලනයේ පැවති විශේෂ විධායක සභා රැස්වීමේදී උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වූ බව වාර්තා වේ.
පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය මෙලෙස පාපන්දු සම්මේලනයේ නිලධාරීන් හය දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබේ. කෙසේ වුවත් එම ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔවුන් චෝදනා නොමැති බව නිදොස් කර ඇතැයි ද වාර්තා වේ.
රහස් පොලිසියේ ප්‍රශ්න කිරීම්වලට ලක් වූ පාපන්දු සම්මේලනයේ නිලධාරීන් දැඩිව ඉල්ලා ඇත්තේ එය බොරු පැමිණිල්ලක් වන බැවින් ඒ සම්බන්ධයෙන් පාපන්දු සම්මේලනයේ පුළුල් විමර්ශනයක් කර තමන්ට සාධාරණයක් ඉෂ්ඨ කළ යුතු බවයි. ඔවුන් ඉල්ලා ඇත්තේ මෙම සිදුවීමට පාපන්දු සම්මේලනයේ අභ්‍යන්තරයෙන් සම්බන්ධයක් තිබුණේ දැයි විමර්ශයක් කළ යුතු බවයි.
ඒ පිළිබඳව සිය අවධානය යොමු වන බව විශේෂ විධායක සභා රැස්වීමේදී පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ. මේ පිළිබඳව රහස් පොලිසියෙන් ප්‍රශ්න කළ බව කියන නිලධාරියෙක් ලංකාදීප කළ විමසුමක දී මෙසේ පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.