Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නේමාර් - ඒන්ජල් - ලියනාඩෝ තිදෙනාම වයිරසයට හසුවෙති

නේමාර් - ඒන්ජල් - ලියනාඩෝ තිදෙනාම වයිරසයට හසුවෙති

editorial - 2020 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ පාපන්දු ලීගයේ තරග වදින පැරිස් ශාන්ත ජර්මේන් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙක් වන නේමාර් ඩි සිල්වා, ඒන්ජල් ඩි මරියා සහ ලියනාඩෝ පැරෙඩස් යන ක්‍රීඩකයන් තිදෙනාට කොරොනා වයිරසය ආසාදනය වී තිබේ.

බ්‍රසීල ජාතික නේමාර් මෙන්ම ආජන්ටිනානු ජාතික එන්ජල් සහ ලියාන්ඩෝද මේ වන විට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ගනිමින් සිටිති. පැරිස් ශාන්ත ජර්මේන් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලයද සෞඛ්‍ය උපදෙස් වලට අනුව කටයුතු කරන බව කණ්ඩායමේ කලමණාකාරීත්වය නිවේදනය කරයි.

තමාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ඉකුත් බදාදා නේමාර්ට දැනගන්නට ලැබී ඇති අතර ඒ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්වයක පසුවී ඇත. කෙසේ වුවත් ඉන් අනතුරුව ඔහු වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින් පැරිසියේ බුගිවල්හි පිහිටි ඔහුගේ නිවස තුළ දින 14 ක කාලයක් හුදෙකලා වීමට පියවර ගෙන ඇත.

ඒ අනුව නේමාර්ට ප්‍රංශ පාපන්දු ලීගය යටතේ පැරිස් ශාන්ත ජර්මේන් කණ්ඩායම සහභාගි වන පළමු තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවනු ඇත. මර්සෙයිල් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එම තරගය මේ මස 13 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඒන්ජල් ඩි මරියාද මේ වන විට පැරීසිය තුළ හුදෙකලා වීමෙට පියවර ගෙන ඇති අතර ඔහුට වෛරයස අසාදනය වී ඇතැයි සැලකෙන්නේ සිය කණ්ඩායම් සගයා වන ලියාන්ඩෝ පැරෙඩස් සමග ඉබීසාහි නිවාඩුවක් ගතකිරීමෙන් අනතුරුවය.  

 

-036


අදහස් (0)

නේමාර් - ඒන්ජල් - ලියනාඩෝ තිදෙනාම වයිරසයට හසුවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.