Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සෝන්ඩර්ස් පිල අවසන් තරගයට

සෝන්ඩර්ස් පිල අවසන් තරගයට

editorial - 2020 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැන්ටේජ් එෆ්. ඒ. කුසලාන තරගාවලියේදී ගුවන් හමුදා (බ්ලූ ඊගල්ස්) පිල ගෝල 5-1 කින් පරාජය කළ සෝන්ඩර්ස් ක්‍රීඩකයෝ ලබන සෙනසුරාදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. සෝන්ඩර්ස් පිල සහ බ්ලූ ඊගල්ස් පිල අතර අවසන් පූර්ව තරගය කොළඹ තුරඟ තරග පිටියේදී අද (1 වැනිදා) පැවැත්විණ.

තරගයේ පළමු අර්ධය නිමා වන විට සෝන්ඩර්ස් කණ්ඩායම ගෝල 2-1 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.

තරගය ආරම්භ වී පළමු විනාඩියේදීම ගුවන් හමුදාවේ යූ. එස්. විජේසේන කහ කාඞ්පතින් අවවාද ලැබුවේය. 10 වැනි විනාඩියේදී ගුවන් හමුදාවේ සී. කේ. ලංකේෂ්වර වෙනුවට නිපුණ බණ්ඩාර පිටියට කැඳවන ලදි. එහෙත් අඩහෝරාවක් යන තුරුත් දෙපිලේ කිසිම ක්‍රීඩකයකුට ගෝලයක් ලබාගත නොහැකි විය.

තරගයේ 32 වැනි විනාඩියේදී සෝන්ඩර්ස් පිලේ චමත් රශ්මිත පළමු ගෝලය ලබාගත් අතර එයින් විනාඩි 7 කට පසුව මොහොමඞ් කුර්ෂිඩ් සෝන්ඩර්ස් පිල වෙනුවෙන් දෙවැනි ගෝලය ලබාගත්තේය. සෝන්ඩර්ස් පිල 2-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටියදී ගුවන් හමුදාවට බලාපොරොත්තු එකතු කළ සී. එම්. ප්‍රනාන්දු 41 වැනි විනාඩියේදී ගෝලයක් ලබාගත්තේ විවේක කාලය තමක් සැනසිලි සහගත ලෙසින් ගතකිරීමට ඉඩ පාදා ගනිමිනි.

දෙවැනි අර්ධයේදී ගුවන් හමුදා ක්‍රීඩකයෝ තරමක් ආක්‍රමණශීලී තරග රටාවකට පිළිපන්හ. ඒ හේතුවෙන්ම ක්‍රීඩකයන් දෙදෙනකුට පිටියෙන් ඉවත් වීමට සිදුවිය. තරගයේ 59 වැනි විනාඩියේදී නිපුණ බණ්ඩාරට කහ කාඞ්පතින් අවවාද කළ විනිසුරුවරයා, 63 වැනි විනාඩියේදී රතු කාඞ්පත යොදා ගනිමින් බණ්ඩාරව පිටියෙන් පිටමං කළේය.

ඒ වන විටත් සෝන්ඩර්ස් පිල 3-1 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටියේ 57 වැනි විනාඩියේදී එන්. සී. අබේසේකර ලබාගත් ගෝලයත් පුවරුවට එක්ව තිබූ බැවිනි. 86 වැනි විනාඩියේදී සෞන්දරාජ් නිරේෂ් තවත් ගෝලයක් ලබාගත් හෙයින් සෝන්ඩර්ස් ක්‍රීඩකයෝ 4-1 ක් ලෙසින් ඉදිරියට ගියහ.

පීඩනය එන්න එන්නම වැඩි වූයෙන් 88 වැනි විනාඩියේදී ගුවන් හමුදාවේ බී. එස්.සී. ප්‍රනාන්දුටද රතු කාඞ්පතින් තරවටුව ලබා පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

මෙම තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් අබේසේකර අතිරේක කාලයේදී තවත් ගෝලයක් ලබාගනිමින් ලකුණු තත්ත්වය 5-1 ක් ලෙස වෙනස් කළේය.

..

ඡායාරූප - ගයාන් අමරසේකර


අදහස් (0)

සෝන්ඩර්ස් පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.