Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football අර්ධ අවසන් වටය තරග 11 - 12

අර්ධ අවසන් වටය තරග 11 - 12

නාමල් පතිරගේ - 2020 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග හෙට සහ අනිද්දා (11 සහ 12) කොළඹ සුගතදාස පිටියේදී පැවැත් වේ. ඒ සඳහා ප්‍රබලතම කණ්ඩායම් අටක් පෙළ ගැසි සිටින අතර ඉන් බන්ධනාගාර කණ්ඩායම හැරෙන්නට සෙසු සියලුම කණ්ඩායම් මින් පෙර තරගාවලියේ ශූරතාව හා අනුශූරතා හිමිකර ගත්තෝ වෙති.

එෆ්.ඒ. කුසලාන වැඩිම වාර ගණනක් දිනා සිටින සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය ඉරිදා මුණ ගැසෙන නාවික හමුදාව (සී හෝක්ස්) ක්‍රීඩා සමාජය අවසන් වරට 2012 දී කුසලාන දිනා තිබේ. සෝන්ඩර්ස් පිල පසුගිය වසරේදී අනුශූරතාව දිනාගන්නා ලද කණ්ඩායමයි.

පොලිස් ක්‍රීඩා සමාජය 2008 දී එෆ්.ඒ. කුසලාන දිනා ගත්තේය. නාවික හමුදා (සීහෝක්ස්)  කණ්ඩායම අවසන් වරට 2012 දී කුසලාන හිමිකර ගෙන තිබේ. කළුතර බ්ලුස්ටාර්ස් කණ්ඩායම 2014 - 15 යන වසරවල දී පිට පිටම අවසන් මහ තරග දෙකකට වරම් ලබා ගත්තත් මෙතෙක් කුසලාන දිනා නොමැත. රිනවුන්  ක්‍රීඩා සමාජයේ පළමු එෆ්.ඒ. කුසලානය 1987 දී වාර්තා වන අතර 2003 දී ඔවුන් අවසන් වරට එය දිනා තිබේ.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව තරග ලබා පෙබරවාරි 1 වැනිදාත් අවසන් මහ තරගය පෙබරවාරි  7 වැනිදාත් කොළඹ රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ.  අර්ධ අවසන් පූර්ව වටයේ සියලුම තරග සුගතදාස පිටියේ දී පැවැත්වේ


අර්ධ අවසන් පූර්ව වටයේ තරග

ජනවාරි 11 දා
පස්වරු 4.00 ට - සිවිල් ආරක්‍ෂක බලකාය සහ පොලිසිය අතර
පස්වරු 6.30 ට - බ්ලූ ඊගල් (ගුවන් හමුදාව) සහ රිනවුන් අතර

ජනවාරි  12 දා
පස්වරු 4.00 ට - සී හෝක්ස් (නාවික හමුදාව) සහ සෝන්ඩර්ස් අතර
පස්වරු 6.30 ට - බන්ධනාගාරය සහ කළුතර බ්ලු ස්ටාර්ස් අතර

 


අදහස් (0)

අර්ධ අවසන් වටය තරග 11 - 12

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.