Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර පිහිටි ආසියානු පාපන්දු සමුළු මූලස්ථානයේ දී අද (17) පැවැති ලෝක කුසලාන (2022 - කටාර්) පාපන්දු තරගාවලියේ ආසියානු කලාප සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි වටයේ තරග සැලැස්ම එළිදැක්වීමට අනුව ශ්‍රී ලංකාව එහි පළමු තරගයට ලබන සැප්තැම්බර් 5 වැනිදා තුර්ක්මෙනිස්ථානයට එරෙහිව කොළඹ දී සහභාගිවීමට නියමිතය.
ශ්‍රී ලංකාව “එච්” කාණ්ඩයෙන් දෙවැනි වටයට තරග වැදීමේ දී ප්‍රබල දකුණු කොරියාව ඇතුළුව උතුරු කොරියාව, ලෙබනනය හා තුර්ක්මෙනිස්ථානය මුණගැසේ. කාණ්ඩ අටේ ශූරයන් හා එහි හොඳම අනුශූරයන් හතරක් ලෝක කුසලාන (2022 - කටාර්) සුදුසුකම් සපිරීමේ තෙවැනි වටයට සුදුසුකම් ලබා ගන්නා අතර එම රටවල් 12 එළඹෙන 2023 ආසියානු කුසලාන තරගාවලියට සුදුකම් ලබයි.
ලෝක කුසලාන ආසියානු කලාප සුදුසුකම් සපිරීමේ දෙවන වටය කාණ්ඩ අටකින් පැවැත්වේ. ඒ සඳහා කලාපයේ රටවල් 40ක් එක්ව සිටිති. මෙම දෙවැනි වටය ආසියානු කුසලාන (2023) ශූරතා තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරග වටය ලෙසත් සැලකේ.
එළඹෙන සැප්තැම්බර් 5 වැනිදා ආරම්භ වන දෙවන වටය 2020 ජුනි 9 වැනිදා දක්වා පැවැත්වේ. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව මේ වනවිට 201 වැනි ස්ථානයේ පසුවේ. දෙවන වටයේ දී ශ්‍රී ලංකාවට මුණගැසෙන දකුණු කොරියාව එහි ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 37 වැනි ස්ථානයේ පසුවේ.
ආසියානු කලාප සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි වටයට ශ්‍රී ලංකාව සහභාගි වන අයුරු:-
* සැප්තැම්බර් 5 :- තුර්ක්මෙනිස්ථානයට එරෙහිව කොළඹ දී
* සැප්තැම්බර් 10 :- උතුරු කොරියාවට එරෙහිව කොළඹ දී
* ඔක්තෝබර් 10 :- දකුණු කොරියාවට එරෙහිව කොරියාවේ දී
* ඔක්තෝබර් 15 :- ලෙබනනයට එරෙහිව කොළඹ දී
* නොවැම්බර් 19 :- තුර්ක්මෙනිස්ථානයට එරෙහිව තර්ක්මෙනිස්ථානයේ දී
* 2020 මාර්තු 26 :- උතුරු කොරියාවට එරෙහිව උතුරු කොරියාවේ දී
* 2020 මාර්තු 31 :- දකුණු කොරියාවට එරෙහිව කොළඹ දී
* 2020 ජුනි 4 :- ලෙබනනයට එරෙහිව ලෙබනනයේ දී
ශ්‍රී ලංකාව ලෝක කුසලාන (2022) තරගාවලියේ ආසියානු කලාප සුදුසුකම් සපිරීමේ දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තේ මැකාවෝ සමග පැවැති මූලික වටයේ තරග දෙකක දී ලබාගත් ප්‍රතිඵලය මතය. එහි පළමු තරගය ශ්‍රී ලංකාව පරාජය වුණත් (1-0) කොළඹ දී පැවැති දෙවැනි තරගයට මැකාවෝ පිල සහභාගි නොවීමෙන් ශ්‍රී ලංකාවට නිතරග (3-0) ජයක් හිමි විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.