Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ලීවර්පූල් පිල එංගලන්ත පාපන්දු ශූරතාව දිනාගනී

ලීවර්පූල් පිල එංගලන්ත පාපන්දු ශූරතාව දිනාගනී

editorial - 2020 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 30 ඉතිහාසයේ පළමු වරට එංගලන්ත ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලිවර්පූල් ක්‍රීඩා සමාජය සමත් විය. පෙරේදා (25 වැනිදා) පැවැති තරගයකදී චෙල්සි ක්‍රීඩා සමාජය හමුවේ මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය පරාජයට පත්වීමත් සමග ලිවර්පූල් ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණය තහවුරු විය.

වසර දෙකක් පුරා රැකගෙන සිටි එංගලන්ත ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව මෙම වසර සඳහාත් තම ක්‍රීඩා සමාජය සන්තකයේ තබාගැනීම සඳහා සටනක් දීමට නම් මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය, පෙරේදා (25 වැනිදා) චෙල්සි  ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගය අනිවාර්යෙන්ම ජයගත යුතුව තිබිණ. එහෙත් එම තරගයේදී වඩාත් ප්‍රබල මැන්චෙස්ටර් සිටි පිල පරදවා ගෝල් 2-1 ක ජයක් ලබාගැනීමට චෙල්සි ක්‍රීඩකයෝ සමත් වූහ.

ලීවර්පූල් පිල පසුගිය බදාදා (24 වැනිදා) ක්‍රිස්ටල් පැලස් පිලට එරෙහිව පැවැති තරගයේදී ගෝල 4-0 ක පහසු ජයක් අත්කර ගත්තේය. මෙම ජයග්‍රහණය හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය අත්කරගැනීමට ලීවර්පුල් පිලට හැකිවිය.

පෙප් ගාර්ඩියෝලාගේ කලමණාකාරීත්වයෙන් යුත් මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය මෙම තරගවාරයේදී තරග 8 ක් පරාජයට පත් වූ අතර ඒ හේතුවෙන් ඔවුන්ට තවත් තරග 7 ක් ඉතිරිව තිබියදීම ලිවර්පූල් ක්‍රීඩා සමාජයට වඩා ලකුණු 23 ක් පසුපසින් රැදීසිටීමට සිදුවිය.

එංගලන්ත ප්‍රධානතම පාපන්දු තරගාවලියේ ජයග්‍රහණයක් සඳහා ප්‍රසාද ලකුණු 3 ක් හිමිවන අතර ජය පැරදුමෙන් තොරව අවසන් වන තරගයකදී දෙපිලටම ප්‍රසාද ලකුණු එකක් බැගින් හිමිවේ. එහෙත් මැන්චෙස්ටර සිටි පිල ඉතිරි තරග හතම ජයගත්තද ඔවුන්ට හිමිවන්නේ ලකුණු 21 ක් පමණක් බැවින් මේ වන විටත් ලකුණු 23 ක් ඉදිරියෙන් සිටින ලීවර්පූල් පිලට ශූරතාව ප්‍රදානය කෙරිණ.

ලිවර්පූල් ක්‍රීඩා සමාජය මෙවර තරග වාරයේදී මේ දක්වා තරග 31 කට සහභාගි වී ඉන් තරග 28 ක් ජයගෙන, එක් තරගයක් පරාජය වී, තරග 2 ක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන තිබේ. ඒ අනුව ලීවර්පූල් පිලේ ප්‍රසාද ලකණු සංඛ්‍යාව 86 කි.

මේ දක්වා තරගාවලිය තුළදී රැස්කර ඇති ගෝල සංඛ්‍යාව අනුව ගත්කල ලිවර්පූල් ක්‍රීඩා සමාජයට (70) වඩා මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය (77) ඉදිරියෙන් පසුවේ. එහිදී ලිවර්පූල් ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 21 ක්ද, මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය එරෙහිව ගෝල 33 ක්ද වාර්තා වී තිබේ.

-036

 


අදහස් (0)

ලීවර්පූල් පිල එංගලන්ත පාපන්දු ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.