Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ලයනල් මෙසී පිටිය මැද ගැටුමක

ලයනල් මෙසී පිටිය මැද ගැටුමක

editorial - 2020 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ස්පාඤ්ඤයේ බාර්සිලෝනා පිල වෙනුවෙන් ක්‍රීඩා කරන ආර්ජන්ටිනාවේ සුපිරි තරුව වන ලයනල් මෙසී සෞදි අරාබියේ ජෙඩා නුවරදී පැවැති පාපන්දු තරගයකදී තවත් ක්‍රීඩකයකු සමග ගැටුමක් ඇතිකර ගත්තේය. අන්තර්ජාතික පාපන්දු ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයකු වන ලයනල් මෙසී සමග ගැටුණේ ඇත්ලෙටිකෝ මැඩ්රිඩ් පිලේ 20 හැවිරිදි පෘතුගීසි ක්‍රීඩකයකු වන ජෝ ෆීලික්ස්ය.

සපාඤ්ඤයේ සුපිරි කුසලන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගයක් වූ මෙම තරගය සෞදි අරාබියේ ‘කිං අබ්දුල්ලා’ ක්‍රීඩා නගරයේදී පැවැත්විණ. මෙම තරගයේදී මහත් පෙරළියක් කළ ඇත්ලෙටිකෝ මැඩ්රිඩ් පිල විසින් ප්‍රබල බාර්සිලෝනා කණ්ඩායම ගෝල 3-2 ක් ලෙසින් පරාජය කරන ලදි.

තරගයේ පළමු අර්ධය නිමා වෙද්දීම ක්‍රීඩකයන් දෙදෙනා අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබිණ. දෙදෙනා වරින් වර එකිනෙකාට අභියෝග කරමින් සිටි අතර පසුව සෙසු ක්‍රීඩකයන් විසින් දෙපසට කරනු ලැබිණ.

ජෙරාඩ් පීකේ සහ ලුවිස් සුවාරිස් දෙදෙනා ලයනල් මෙසීගේ සහායට ඉදිරිපත් වූ අතර තෝමස් පාර්ටේ සහ ස්ටෙෆාන් සැවික් දෙදෙනා ෆීලික්ස්ගේ සහායට ඉදිරිපත් වූහ. ෆීලික්ස් සහ මෙසී දෙදෙනා වරින් වර එකිනෙකා තල්ලු කිරීමට උත්සාහ කළද පසුව සෙසු ක්‍රීඩකයන් විසින් දෙපසට කරන ලදි.

“ක්‍රිස්ටියානෝ රොනාල්ඩේ උඹට වඩා හොඳයි’ යයි ෆීලික්ස් කියා තිබේ.

මෙයින් කෝපයට පත් ලයනල් මෙසී  “ආයිමත් කියපන් බලන්න.... කියපන් බලන්න” යයි කියමින් ෆීලික්ස්ට අභියෝග කළේය.

තරගය අවසන් වීමට විනාඩි 9 ක පමණ කාලයක් තිබියදී 2-1 ක් ලෙසින් ඉදිරියෙන් සිටි බාර්සිලෝනා කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයේ සිටියේය.

දෙවැනි අර්ධයේදී අතිරේක ක්‍රීඩකයකු ලෙසින් පිටියට පැමිණි කෝකේ තත්පර 21 ක් ඇතුළත ඇත්ලෙටිකෝ පිල 1-0 ක් ලෙසින් ඉදිරියට ගෙනාවේදීය.

එහෙත් ලයනල් මෙසී සහ ඇන්තනි ග්‍රීස්මන් දෙදෙනා ලබාගත් ගෝල හේතුවෙන් බාර්සිලෝනා පිල ගෝල 2-1 ක් ලෙසින් නැවතත් ඉදිරියට ආවේය.
 
තරගය අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබියදී ඇල්විරෝ මොරාතා සහ ඒන්ජල් කොරේරා ලබාගත් ගෝල දෙකක් හේතුවෙන් ඇත්ලෙටිකෝ පිල 3-2 ක ජය ලබාගත්තේය.

ඉරිදා පැවැත්වෙන අවසන් තරගයේදී ඇත්ලෙටිකෝ මැඩ්රිඩ් පිලත් රියල් මැඩ්රිඩ් පිලත් තරග වදිනු ඇත.


අදහස් (1)

ලයනල් මෙසී පිටිය මැද ගැටුමක
  • Nawodya Thursday, 16 January 2020 12:15 PM

    මේක එෆ්.සී බාසිලෝනා දිනපු මැච් එකක්. ඒත් VAR නිසා හැමදේම අනික් පැත්ත ගැහුවා.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.