Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football රුක්මල් සමුගනී

රුක්මල් සමුගනී

editorial - 2019 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මාධ්‍ය ප්‍රධානි රුක්මාල් ක්‍රිෂාන්ත පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට 57 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා පාපන්දු සම්මේලනයේ මාධ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ හොඳ හිත දිනාගත් නිලධාරියෙකි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සේවයට පැමිණීමට පෙර බාටා සහ ‘නෙස්ලේ’ යන ආයතනවලත් ඇමැති රවී කරුණානායක මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේත් සේවය කර ඇත.

රුක්මල් පෙරේරා මහතාගේ දේහය කඳාන ‘ලින්ටන් ග්‍රවුන්ඞ්’ පාරේ අංක 21/3 දරන නිවසේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු හෙට (17) පස්වරු 3.30ට කඳාන නාගොඩ ශාන්ත ජෝන් බැප්ටිස්ට් පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.

- 223


අදහස් (0)

රුක්මල් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.