Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු තේරීම් තරග 10-11

පාපන්දු තේරීම් තරග 10-11

editorial - 2019 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී පැවැත්වීමට නියමිත ආසියානු පාපන්දු සම්මේලන යොවුන් (19 න් පහළ) පාපන්දු තරගාවලිය සහ දකුණු ආසියානු පාපන්දු තරගාවලිය සඳහා තේරීම් තරග දෙකක් පැවැත්වේ. වසර 2001 ට පසුව උපත ලද ක්‍රීඩකයන්ට මෙම තේරීම් තරග සඳහා සහභාගි වන ලෙස ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ආරාධනා කරයි.

තේරීම් තරග අදියර දෙකකින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

එහි පළමු අදියර මේ මස 10 වැනිදා පෙරවරු 7.00 ට කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි සිටි පාපන්දු ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම අදිරේ තේරීම් සඳහා සහභාගි විය හැක්කේ කොළඹ දිස්ත්‍රික්කයේ පාපන්දු ක්‍රීඩකයන්ට පමණි.

දෙවැනි අදියර 11 වැනිදා පෙරවරු 7.00 සිට කොම්පඤ්ඤවීදියේ පිහිටි සිටි පාපන්දු ක්‍රීඩාංගණයේදීම ආරම්භ වේ.

මෙම තේරීම් තරග වලදී තෝරාගනු ලබන ක්‍රීඩකයන් ඉදිරියේදී වඩාත් සංවිධානාත්ම පුහුණුකිරීම් සඳහා යොමු කරනු ලැබේ. වැඩිදුර විස්තර සඳහා දුරකතන අංක 0112-696179 ඔස්සේ ගාමිණී මදුරාවල මහතා අමතන්න.

..


අදහස් (0)

පාපන්දු තේරීම් තරග 10-11

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.